කළුතර දිස්‍ත්‍රික්කයේ නීති විරෝධි මත් ද්‍රව්‍ය , පාතාලය, හෝ මොන යම් ආකාරයේ වත් නීති විරෝධි කටයුතු සියල්ල සහමුලින් තුරන් කිරිමේ කටයුත්ත සිදුකරනවා, යැයි වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාඅළුත්ගම දි කිවේය.

ඇමතිවරයාගේ ඉල්ලිමකට අනුව කළුතර දිස්ත්‍රික්කයේ දූෂණ මර්දන ඒකකයක් ස්ථාපිත කිරිම සදහා බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිළධාරින් පිරිසක් ඇමතිවරයා සමග අළුත්ගම පොලිසියේ භාවිතයෙන් ඉවත් කළ පොලිස් නිළ විවේකාර ගොඩනැගිල්ලක් පරික්ෂා කිරිමෙන් අනතුරුව රෝහිත අබේගුනවර්ධන මහතා මේ අදහස් පළ කළේය.

ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපති තුමා කියනදේ කරන නායකයෙක්, සෞභාග්‍යදැක්ම ඉදිරිපත් කරන වෙලාවෙදි පැහැදිළිවම කිව්වෙ මේ රටේ එක නීතියක්ක්‍රියාත්මක කර මේරටෙන් මත් ජාවාරම, පාතාලය, අල්ලස, දුෂණය නැතිකරන බවයි.

මේ වනවිට ඒ කියාපු දේ මහපොලවේ යථාර්ථයක් බවට පත්වෙමින් කියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය ඊට අදාල ආයතන එකතු කරගන ඒ යුතුකම හරියට ඉටුකරනවා.

ඒ කටයුත්ත රට පුරා සිදුවෙද්දි කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන දිස්ත්‍රික් නායකයා ලෙසත්, කැබිනට් මණ්ඩලයේ දිස්ත්‍රික් නියෝජිතයා ලෙසත් කළුතර දිස්ත්‍රික්කයෙන් මත් ද්‍රව්‍ය ජාවාරම, පාතාය, හොරකම, වංචාව ඉවත් කිරිමේ වගකිම මට තියෙනවා.

මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජිවත්විමේ අයිතියක්තියෙනවා. කාගෙවත් පාතාලෙට බයේ ජිවත් වියයුතු නැහැ.මත්ද්‍රව්‍ය ජාවාරමෙන් අපේ දරුවා බේරා ගැනීමේ යුතුකම අපට තියෙනවා.

ඒ සදහා දුෂණ මර්ධන ඒකකයක් කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරිම ගැන ශ්‍රී ලංකා පොලිසියට, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු සියළු දෙනාට මගේ ගෞරවය පිරිනමනවා. මේ කාර්යාලය පිහිටුවිමත් සමග කළුතර දිස්ත්‍රික්කයේ යම් අකටයුත්තක් සිදුවෙනවානම් ඒ සියල්ල නතරකිරිමට හැකියාව ලැබෙන.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා.

මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ කල්ලි ,සහමුලින්ම මේ රටෙන් තුරන් කිරිම සදහා අතිගරු ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍ය තුමාත් පොලිසියට ලබාදුන් උපදෙස් අනුව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මැතිතුමා සහ පොලිස්පති තුමාගේ උපදෙස් පරිදි ඉතාම හොද සංවිධානාත්මක සැලැස්මක් අපි ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මත් ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්විම සදහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඉතා යුහුසුළුව ගැනිමට අවශ්‍ය කරන කළුතර දිස්ත්‍රික් විශේෂ අපරාධ විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරිම ඉතා ඉකමණින් කර දෙන්න කියලරෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා ඉල්ලිමක් කළා. ඒ අනුව අද සුදුසු ස්ථානයක් පරික්ෂාකර තෝරා ගත්තා.

ඒ අනුව මාසයක් වැනි කෙටි කාලයකදි මෙම ස්ථානයේ අවශ්‍ය අනෙකුත් ඉදිකිරිම් සිදුකර කළුතර දිස්ත්‍රික්කය පුරාව්‍යාප්ත වෙලාතියෙන මත්ද්‍රව්‍ය උවදුර සහමුලින්ම ඉවත්කිරිමට අවශ්‍ය ශක්තිමත් ඒකකයක් මෙහි ස්ථාපිත කරනවා.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts