uk

රුසියානු හමුදා නගරයේ ආරක්ෂක වළල්ල බිඳ දැමීමට උත්සහ කළද එය මෙතෙක් සාර්ථකවී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ සිය හමුදා කිව් අගනුවර වෙත පැමිණෙමින් සිටි රුසියානු හමුදා සාර්ථකව මැඩ පැවැත්වූ බවයි.

අද දිනයේදී සිය අගනුවර අල්ලා ගැනීමේ රුසියානුවන්ගේ බලාපොරොත්තු බිඳ දැමූ බවද යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මෙතෙක් පැවති යුද ගැටුම් හේතුවෙන් යුක්‍රේන සිවිල් වැසියන් 198 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

 

Similar Posts