breaking news daily mirror

සන්නද්ධ දේශපාලන ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරමින් ජනතාව සමඟ එක්ව නව දේශපාලන අරගලයකට ප්‍රවිෂ්ටවීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ  32 වන ඉල‍්මහ විරු සමරුවට එක්වෙමිනි.

88/89 සන්නද්ධ අරගලයේදී මියගිය ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවිර ඇතුළු පක්ෂ සමාජීකයින් සිහිකිරීමේ 32 වන ඉල්මහ විරු සමරුව  පැවැත්වුණේ අන්තර්ජාලයේ සජීවි විකාශයක් ලෙසිනි.

ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුලු පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් පිරිසක් එක්වී තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා,

“අද ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 8 ඉක්මවලා. රටේම පාලනය අද තියෙන්නේ පවුලක් අතේ. ජනපති, අගමැති සහ මුදල් ඇමති පවුලේ ආරක්ෂක, නාගරික සංවර්ධන සහ ක්‍රීඩා ඇමතිත් එකම පවුලක. එදා වගේම අදත් අරගලයක් තියෙනවා. අපි කවුරුත් දන්නවා සන්නද්ධ ගැටුමක් සුන්දර නැහැ. අපි අතින්ද නොවිය යුතු දේ සිදුවුණා. ඒ පිළිබඳ කනගාටුවක් තිබෙනවා. ඒ තුළ තිබෙන සාධනීය දේ අරගෙන අනිත් දේ ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට යන්න අපි සුදානම්. ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික අරගලය අපි අත්නොහරින අරගලයක්. අපේ මාවත අපි වෙනස් දිසාවකට පරිවර්තනය කර තිබෙනවා. සන්නද්ධ අරගලය ප්‍රධාන නොවන බව විශ්වාස කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ මහජනයා සමඟ එකට යන දේශපාලන අරගලයක් අපිට තිබෙන බව.”

Similar Posts