විකුණුම් කෑම,සිඟා කෑම නැමැති සංවර්ධනයේ සේද මාවත මෙන්න!

seeda

ගම ගෙදර සුන්දරත්වය මෙන්න!

අමුඩයාය ගමේ අප්පුහාමිගේ ගොවි ගෙදර බත බුලතින් සරුය.වී බිස්ස එහි අනන්‍යතාවයයි.දෑකැත්ත,උකුණු දැත්ත,කුරුණිය,නගුල ආදි සාම්ප්‍රදායික ගොවි උපකරණ ඒ් අසලය.වෙල්යාය වටකොට බැඳි දඬු වැට අගනේය.ඊටම යාකොට බැඳි බිම් පැලකි.ගැමි හැදියාවේ සුන්දරත්වය කියාපාන ගව අප්පුලා බැඳ කොළ මැඩ වූ සාම්ප්‍රදායික කමත තවත් පසෙක දැකිය හැකිය.යාය ගමේ අමුඩය අඳින අප්පුහාමිලාගේ දිවිය සැබවින්ම සුන්දරත්වය සහ අපුර්වත්වය මුසු වූවකි.මේ ගමේ අප්පුහාමි ගමේ ප්‍රධානීයාය.

අප්පුහාමි හා එතනාහාමි බිරිද ගම ගෙදර නැතිනම් ඝෝෂ ගෙදර ය.පවුලේ දූ දරුවෝ දුෂිමකි.ඒ ඇත්තෝ මේවන විට කර දඩු උස් මහත්වී ගම මෙන්ම නගරයේ ද ජීවත් වේ.මෙවුන්දලාගේ කතා අන්දරය සත්තකින්ම රසවත්ය.

ගමේ සුනඛ පෝතකයා යළිත් ගමට වඩිති!

ගමම ආදරය කළ ගම බලලෙක් අමුඩයාය ගමේ සිටියේ ය. ඒකාට ගමේ තරුණ කොලු ගැටයෝ ගහලා පැන්නුවේ මූ උඩු බුරනවා වෙනුවට උම්බෑ කියමින් නැට්ට උස්සාගේන තප්පුලන නිසාය. මහ පුදුමයකි. මාස කිහිපයක් වෙනත් ගමක සැඟව සිට මේ බලු උත්තමයා පසුගිය දොහේ යළිත් ගමට පැමිණ ගම සමඟ උඩු බුරන්නට තැත් කරන සෙයක් ඇති නිසා ගමේ කොල්ලෝ මූට දඩුවම් දෙන්නට කරුමානම් අල්මින් සිටියෝ ය.

අරගල කරුවන්ට ආණ්ඩුවෙන් උදළු දෙයි!

අන්තරයේ යන්තරයක් වාගේ වැඩ කළ අප්පුහාමිගේ කැම්පස් පුත්තරයා ආ ගිය අතක් නැත.ඒකා සොයන්නට බුද්ධි අංශ නිලධාරිහු තණ කොළ ගසේ සිට හොස්ටල් වලට ද උදැල්ල දමමින් සොයන්නට වූහ.

පාන් ගෙඩියට පොලිස් ආරක්ෂාව මෙන්න!

අමුඩයාය ගමේ මෙන්ම රටේ ද මේ දිනවල පාන් කොල්ල කෑම් වැඩිය. ඒ නිසා ජංගම චූන් පාන් රථවලට පාන් බේකර වලට,පාන් අළෙවි කරන වෙළෙද සැල් වලට පොලිස් ආරක්ෂාව සපයන්නට තීරණය කළ බව අකමැති ජනපතිගේ මුලිකත්වයෙන් පැවැති කැබිනට් එකේ දී තීරණය ගත් බව,අකමැති ජනපති මාධ්‍ය අංශය මේ දරන් නිවේදනය කර සිටියේ ය.

විකුණුම් කෑම,සිඟා කෑම නැමැති සංවර්ධනයේ සේද මාවත මෙන්න!

ඇවිදින පගා මරුවා යැයි කියනා අප්පුහාමිගේ පනින අප්පු ඇමති පුත්තරයා මේ දිනවල නෙළුම් කුළුණ සිය අමාත්‍යංශයේ සිට ඈත පිහිටි වරාය නගරය දෙස බලාගෙන නායක තුමාගේ ගුණ වයමින් මාධ්‍ය හමු පවත්වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හරි හුණ්ඩුවක් හරි හදලා රට ම කිරිකොත දක්වා රැගෙන යමින්,විකුණුම් කෑම,සිඟා කෑම නැමැති සංවර්ධනයේ සේද මාවත දක්වා රට පිටරට දක්වා රැගෙන යන්නට සිය අමාත්‍යංශ ලේකම් අප්පුලාට කීය.

අප්පුලා හා එතනා හාමිලා සාධුකාර දුන්හ!

යාය විහාරයේ විහාරාධිපති හිමියෝ අප්පුහාමිගේ ලොකු පුත්තරයා ය.උන් වහන්සේ සතියේ බණ කතාවට කීවේ,මිනිස්සු බණ අහනවා.නමුත්,ඒ අනුව ජීවත් වන්නේ නෑ.ඒක තමයි රටේ කරුමයට හේතුව යැයි පැවැසුහ.

දිය ගැරඩි විදුලි කණුවල! ගැරඩි තෙල් සෙඩ් අසල!

දිය ගැරඩි ජල බිල වැඩිය කියමින් විදුලි කම්බි දීගේ ඇදී යන්නේ ගෝල් ෆේෂ් ඒකේ සරුංගල් අරිනවා වාගේය.මේ අතර බිම දිගේ ඇඳෙන ගැරඩි අප්පුලා භූමිතෙල් කඩ අසල කොකා පෙන්වන්නේ ගහපියව් බලන්න භූම්තෙල් කියලාය.වඩුවෝ ගෙවල් හදන්නේ නැතිව මේ දිනවල අටුව කඩා පුටු සකස් කරන්නේ ගෙවල් දොරවල් ඉදිකරන්නට උපකරණ හිඟ වී ඇති බැව් කියා ලියා අප්පුහාමිගේ පත්තර පුත්තරයාගේ කටු අත්තක මල් සටහන අවසන් කළේය.

රටපුරා කිකිළියෝ දැවැන්ත විරෝධතාවයක!

ඔන්න බොලේ අප්පුහාමිගේ පොලි පුත්තරයා මේ දිනවල කිකිළියන් සමඟ කිකිළි බිත්තර විකුනන්නේය.කුකුල් බිත්තර ගිනි ගණන්ය.ගම් බිත්තරද නැත්තට නැති වෙලාය. රටපුරා කිකිළියනගේ බිත්තර දැම්මේ විරෝධය නිසා පොලියාට ගජ වාසිය.

වාරණ නියෝග නිසා අලි බෙට්ටේ මිල ඉහළ යති!

කුසලහාමි අප්පුහාමිගේ දියණිය මේ දිනවල කඩපොලට රැගෙන යන්නේ කුරුළු පිහාටු ය.කපුටා,මයිනා,සමනලයා පිහාටුවලට ඉල්ලුම වැඩිය.කැලේ,හේනේ,කුඹුරේ,අලි බෙටි මේ දිනවල වැඩිපුර තිබේ.අලි බෙට්ටට ඉල්ලුම වැඩිය.අලි බෙට්ට මිල ඉහළ ගියේ රජය අලි බෙටි ආනයනය කරන්නට වාරණ නියෝගයක් දෑමීම නිසාය.

මිනි ගමුමට දැවැන්ත ඉල්ලුමක්!

ඇඳුම් හීගය නිසා අමුඩයට ඇත්තේ හොඳ ඉල්ලුමකි.ඒ් නිසා පාතාලයේ අප්පුහාමිගේ පුත්තරයා මිනි ගවුම් අඳින යුවතියන් සොයා පාතාල මෙහෙයුමක් දියත් කර ඇත.මල් ශාලාවට පැන මිනි ගවුම් අඳින මියගිය අප්පුහාමිලා සොයන්නට ඒ්කාගේ සහචරයෝ යොදවා තිබිණි.

වෛද්‍යවරු අමුඩ පිටින් රෝහලට!පෙරකදෝරු පුතාද අමුඩය පිටින්ම උසාවියට යයි!

අප්පහාමිගේ දොස්තර පුත්තරයා අමුඩය පිටින්ම රෝහලට ගියේ ටයි,කෝට්, කලිසම්,සපත්තු මිල වැඩි වී ඇති නිසා අකමැත්තෙන් වුව ද මේ තීරණය ගන්න සිදු උනා කියමින් මිනි ගවුම අදින මිසීගේ හැඩ බැලුවාය.

අමුඩ රටේ පත්තර සිරස්තල මෙන්න!

නො බැදි ජාතීන්ගේ දිනය සැප්තැම්බර් මාසයේ අරලිය ගහ මැදුරේ දී සැමරේ! ලෝක අසරණම දිනය ලංකාවේ දී.සාක්ෂර,තාක්ෂණ,මාධ්‍යවේදී,ප්‍රජාතන්ත්‍රවාදී දිනයයන් බලධාරියා විසින් කපා හරින ලදී.ඔසෝන් දිනයේ දී රටටම ඔසෝන් කෑමට දෙන්නට පියවර!

ලෝක අඳ,ගොළු,බිරිදි දිනය දියවන්නා වේ දී පැවැත් වේ!

හදවත නැති පාලකයනගේ දිනය ලංකාවේ දී සැමරේ.න්‍යාෂ්ටික අවි දිනය පක්ෂ කාර්යාලවල දී පැවැත් වේ.ලෝක සංචාරක දිනය වරාය නගරයේ දී,ජල භිතිකා දිනයට සමගාමීව ජල බිල ඉහළට දමයි!.රටම පරිවර්තන යුගයකට ගෙන යන බව නව ජනපති ජාතිය අමතා කියයි!සරසවි වලට තේරුණු දරුවන්ගේ නම් මෙන්න!ඈ බොලේ සර්ව පාක්ෂික ආණ්ඩුව වෙනුවට සර්ව භක්ෂක ආණ්ඩුවක් හදනවාය කියාලා පත්තරේ තියනවා කියමින්,අප්පුහාමිගේ ඉස්කෝලේ අප්පු පුත්තරයා අලි මංකඩ දිගේ වැටි ඇති ගුරුපාර දිගේ ගුරු ගෙදරට පිය නැගුවේ අමුඩය පිටින්මය.

අමුඩයාය ගමේ සිට ලියන අප්පු ලියන සුන්දර කතා

නිමල් අල්ගෙවත්ත

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….