එංගලන්තයට 35-03 ක පහසු ජයක්

මානු ටුයිලගායි වාර්තා කළ උත්සාහක දිනුම් දෙක නිසා කිසිම අපහසුවකින් තොරව ටොංගා පිල පරාජය කළ එංගලන්ත ක්‍රීඩකයෝ 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගත්හ. ජපානයේ සප්පරෝහිදී අද (22 වැනිදා) පැවැති මෙම තරගයේදී එංගලන්ත පිල ලකුණු 35 – 3 ක ජයක් ලබාගත්හ.

එංගලන්ත පිල ගෝල දිනුම් 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහ 3 කින් ලකුණු ලබාගත් අතර ටොංගා පිලට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහරක් පමණි.

සැමොවාහිදී උපත ලද ක්‍රීඩකයකු වන ටුයිලගායිගේ දස්කම් හේතුවෙන් තරගයේ පළමු අර්ධය නිමා වූයේ ලකුණු 18 – 03 ක් ලෙසින් එංගලන්තය ඉදිරියේ සිටිමිනි.

Related posts