ක්‍රීඩා අමාත්‍යංශයෙන් පාලනය වන ජාතික ක්‍රීඩා අරමුලට රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 250 ක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්ත පළකර ඇතැයි ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකාවේ ධනවත්ම ක්‍රීඩා සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව සෙසු ක්‍රීඩාව දියුණුවට යෙදවීමට මෙම මුදල් පරිත්‍යාග කරන බව වාර්තා වේ.