අන්තර් වැවිලි සමාගම් හා ශ්‍රිලංකා වැවිලි සමාගම අතර කොලොම්බියා කුසලානය සදහා පැවැත්වෙන රග්බි තරගාවලිය 08වන දින දික්ඔය දරවල ක්‍රිඩා පිටියේදි පැවැත්විමට පියවර ගෙන ඇති බව දරවල මස්කෙළිය ක්‍රිඩා සමාජයේ සභාපති ලලේන්ද්‍ර අබේවර්ධන මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ලලේන්ද්‍ර මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගතය හේතුවෙන් වසර තුනකට පසුව 20වන වරටත් මෙම රග්බි තරගාවලිය පැවැත්වෙන බවත් මෙවර මෙම රග්බි තරගාවලිය සදහා ලක්ගොවිජන පොහොර සමාගම මුලික අනුග්‍රහානය ලබා දෙන බවත්ය.

මෙම රග්බි තරගාවලිය ආගරපතන වැවිලි සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ දෙනම් මාදේන මහතා ඇතළු දරවල මස්කෙළිය ක්‍රිඩා සමාජයේ ක්‍රියාකාරි කමිටුවේ ප්‍රධානත්වයෙන් 08වන දින පෙරවරු 8.00ට ආරම්භ වන බවද ලලේන්ද්‍ර අබේවර්ධණ මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts