ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

slc

එළඹෙන එංගලන්ත තරඟ සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ උප නායකත්වයෙන් යුත් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කරනු ලැබීය.

ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, චරිත අසලන්ක, දසුන් ශානක, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම සංචිතයට නම් කර ඇති සෙසු ක්‍රීඩකයින් වේ.

Related posts