2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය ගැන චෝදනා ICCයට ඉදිරිපත් කරන්න

ශ්‍රී ලංකාව පරාජය ලැබූ 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී පාවාදීමක් සිදුවී ඇතැයි කිසිවෙක් චෝදනා කරන්නේ නම් එම පාර්ශ්ව ඒ බව සනාථ කෙරෙන සාක්ෂි අයි.සී.සී.යට ඉදිරිපත් කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලෝක කුසලාන අවසන් තරඟය සම්බන්ධයෙන් කර තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්ය.

2011 ලෝක කුසලාන අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය කඩුලු 06 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

 

More Stories