ඉයන් බිෂොප් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ගැන කතා කරයි

iyanbisop

ශ්‍රී ලංකා පිල ඉදිරියේදී ලොව පෙරැළිකාර ක්‍රිකට් කණ්ඩායම වනු ඇතැයි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රුපවාහිනී විස්තර විචාරක බටහිර ඉන්දීය කොදෙව් ජාතික ඉයන් බිෂොප් මහතා පවසයි.

ශ්‍රී ලංකා පිල ගොඩනැගීමට අවශ්‍ය සම්පත් මේ වන විට උපරිම අයුරින් ඇති අතර, අවශ්‍ය වන්නේ ඔවුන්ට නිවැරදි මග පෙන්වීම පමණක් බව ඉයන් බිෂොප් මහතා පැවැසීය.

“ගොඩාක් දුර යන්න පුළුවන් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව සතුව සිටිනවා. හොඳ දක්ෂතා දක්වන පන්දු යවන්නන් ලෙස වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ ඉදිරියෙන් සිටිනවා. දුෂ්මන්ත චමීර ඇතුළු වේග පන්දු යවන්නන් සැලකිය යුතු දක්ෂතාවක් පෙන්නුම් කළා. චරිත් අසලංක හා පැතුම් නිශ්ශංක වගේ පිතිකරුවන් වෙනත් කණ්ඩායම්වල නෑ. ඔවුන් ඉතා හොඳින් රැක බලාගත යුතුයි”

Related posts