ටෙස්ට් තරගයකදී ඉන්දිය කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව  වාර්තා විය. ඒ ඕස්ට්‍රේලියාව සමග ඇඩිලේඩ් හිදී පැවැත්වෙන තරගයේදීය.
ඉන්දියානු කණ්ඩායමේ අවසන් පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් සිටි මොහමඩ් සාමී, පැට් කමින්ස් ගේ පන්දුවක් ඇගේ වැදීමෙන් පිටියෙන් ඉවත්වන විට ඉන්දීය ලකුණු පුවරුව දිස් වුයේ ලකුණු 36ක් ලෙසයි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉණිම අවසන් වූ අතර මේ දක්වා ඔවුන් ටෙස්ට් තරගයකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා පොත් අතරට එක්විණ.

Similar Posts