mumbai indians winning years

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළ රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් සහ මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුතු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පස් වැනි වරටත් අයිපීඑල් කුසලානය අත්කර ගැනීමට සමත් විය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පෙරේදා රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී මේ ජයග්‍රහණය හිමිකර ගත් මුම්බායි කණ්ඩායම අයිපීඑල් ඉතිහාසයේ පිට පිට දෙවැනි වරටත් කුසලානය දිනූ දෙවැනි කණ්ඩායම බවට ද පත් විය.

දිල්ලි කැපිටල්ස් – 156/7 (ඕවර 20) ශ්‍රෙයාර්ස් අයියර් නොදැවී 65, රිෂාන්ත් පාන්ට් 56 (ට්‍රෙන්ට් බෝල්ට් 30/3, නේදන් කූල්ට්නර් 29/2)

මුම්බායි ඉන්දියන්ස් – 157/5 (ඕවර 18.4) රෝහිත් ෂර්මා 68, ඉෂාන් කිෂාන් නොදැවී 33 ( අන්රිච් නෝර්ජේ 25/2)

Similar Posts