සති 3ක දීර්ඝ විස්සයි20 තරග මුහුණුවරකින් පැවැති එල්පීඑල් තරගාවලියෙන් පසු සිය කණ්ඩායම ටෙස්ට් තරග සංචාරයකට සහභාගි වීම අභියෝගයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් පවසයි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාවකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතව සිටින අතර, දෙපිල අතර පළමු ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ආරම්භ වේ.

ටෙස්ට් තරගමාලාවට එක් වී සිටින බොහෝ ක්‍රීඩකයන් එල්පීඑල් තරගාවලියට ක්‍රීඩා කළ බැවින් ටෙස්ට් තරග මුහුණුවරට අවතීර්ණ වීමට ඔවුන්ට කාලය අඩුවී තිබේ.

පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට ඇති විශාලතම අභියෝගය වන්නේ දකුණු අප්‍රිකානු වේගපන්දු තර්ජනයට මුහුණදීමට සමත් පිතිහරඹ පෙළගැස්මක් නම් කිරීම බව ද මිකී ආතර් පැවැසීය.

Similar Posts