කොරෝනා රාත‍්‍රී 08.00ට ඇවිත් උදේ 05.00ට යනවාද?

කොරෝනා  ව්‍යාප්ත වන්නේ රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා යයි වෛද්‍ය විද්‍යාත්මකව කිසිදු සොයාගැනීමක් කර නැති බව බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව විසින් ඇදිරි නීතිය මේ ආකාරයෙන් ලිහිල් කරන ලද්දේ තීන්දුව සම්පූර්ණයෙන්ම විවෘත නොකළා යැයි කීම සදහා බවයි.

ආණ්ඩුව විසින් ඇදිරි නීතිය ලිහිල් කළ ආකාරය ආකාරය සම්බන්ධයෙන් කිසිදු වෛද්‍ය කන්ඩායමක් හෝ සෞඛ්‍යය බලධාරීන් අනුමැතිය ලබාදී නැති බවට තමන්ට තොරතුරු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම තීන්දුව ගත්තේ මැතිවරණයකදී ජනතාව බිලීදීමට යයිද ඔහු පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

කොරෝනා පාලනයත් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමත් සදහා ලොව බොහෝ රටවල් මේ ආකාරයේ නීති පැනවීමක් මේ දිනවල සිදු කර ඇත.

More Stories