රත්මලානේ ධර්මේ පැනයයි

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ධර්මසිරි පෙරේරා නොහොත් ‘රත්මලානේ ධර්මේ’ හොර රහසේම පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ධර්මසිරි පෙරේරා නමැත්තා අත්අඩංගුවට ගත් පසු දින 14 ක් නිරෝධායනය සඳහා යොමුකර සිටි අතර එම කි‍්‍රයාවලියෙන් පසුව ඔහු හොර රහසේම පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. ගොනාකෝවිලේ අංජු නමැති පාතාල නායකයාගේ ප‍්‍රධානම සගයා බව කියන රත්මලානේ ධර්මේ මෙරට සිදුවූ අපරාධ රැසකට සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය පවසයි.

Read More

කොරෝනා රෝහලකින් සහ නිරෝධායනයෙන් ගෙදර ආ දෙදෙනෙකු මරුට

පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකු නිරෝධායනය කාලසීමාව අවසන් වී නිවස බලා යමින් සිටියදී මියගොස් ඇතැයි පුත්තලම පොලිසිය සඳහන් කරනවා. පුත්තලම සේවා මාවත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකු පසුගිය 4 වැනිදා රාත්‍රියේ මෙසේ මියගොස් ඇති අතර මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ දී හමු වී තිබේ. පුත්තලමේ ආපන ශාලාවක සේවකයෙකු ලෙස කටයුතු කරන ඔහුට එහිදී කොරෝනා ආසාදිතයෙක් හමුවූ බව හෙළි වීමෙන් පසු හෝටලයේ සියලු දෙනාම නිරෝධායට යොමු කර ඇත්තේ ඔවුන් සේවය කරමින් සිටි හෝටලයේම බවයි පැවසෙන්නේ. පසුගිය 4 වැනිදා එම කාලය අවසන් කිරීමෙන් පසු නිවෙස බලා යමින් සිටි නමුත් ඔහු නිවසට පැමිණ නැති බව…

Read More