පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකු නිරෝධායනය කාලසීමාව අවසන් වී නිවස බලා යමින් සිටියදී මියගොස් ඇතැයි පුත්තලම පොලිසිය සඳහන් කරනවා.

පුත්තලම සේවා මාවත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකු පසුගිය 4 වැනිදා රාත්‍රියේ මෙසේ මියගොස් ඇති අතර මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ දී හමු වී තිබේ.

පුත්තලමේ ආපන ශාලාවක සේවකයෙකු ලෙස කටයුතු කරන ඔහුට එහිදී කොරෝනා ආසාදිතයෙක් හමුවූ බව හෙළි වීමෙන් පසු හෝටලයේ සියලු දෙනාම නිරෝධායට යොමු කර ඇත්තේ ඔවුන් සේවය කරමින් සිටි හෝටලයේම බවයි පැවසෙන්නේ.

පසුගිය 4 වැනිදා එම කාලය අවසන් කිරීමෙන් පසු නිවෙස බලා යමින් සිටි නමුත් ඔහු නිවසට පැමිණ නැති බව හෙලිවීමෙන් පසුව කළ සොයා බැලීම් වලදී නිවස අසල තිබී දේහය හමු වී ඇත.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ගෙදර පැමිණි තරුණයකු මිතුරන් පිරිසක් සමග පෙරේදා (4) රාත්‍රී පමණ ඉක්මවා මත්පැන් පානය කර වෙරි මතේ ගුටිබැට හුවමාරුවකට එක්වී බරපතළ තුවාල ලබා මිය ගොස් ඇති බවත්, දෙදෙනකු තුවාල ලබා ආඩිමුනෙ රෝහලට හා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් උඩප්පුව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ උඩප්පුව කොට්ඨාස හතරේ විසු කනගලිංගම් රමේෂ් (22) නමැති අවිවාහක තරුණයෙකි.

ඔහුගේ අයියා වන කනලිංගම් ශ්‍රී කාන්තන් (29) තුවාල ලබා හලාවත රෝහලටත්, තවත් අයකු ආඩිමුනෙ රෝහලටත් ඇතුළත් කර ඇති බවත් වාර්තා වෙයි.

Similar Posts