වල් නාශක නැතුව කුඹුරේ හැදෙන්නේ තණකොළ විතරයි !

govi mithuro

මේ දිනවල කූට වෙළෙඳුන් ගොවියන් ගසා කමින් ඉතාම ඉහළ මිලගණන්වලට කෘ ෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන බවත් රජය හෝ නිලධාරීන් හෝ මෙතෙක් මාස් කන්නයේ ගොවිතැන් කරන්නේ කෙසේදැයි නිල වශයෙන් ගොවීන් දැනුම්වත් කර නැති බවත් ඒ වෙනුවට පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මං තීරු හැදීමට දගලමින් සිටින බවත් ගොවි බිමේ මිතුරෝ ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරයි. එම ගොවි සංවිධානය මෙම චෝදනා එල්ල කළේ අද  (23) දහවල් කැදවා තිබූ මාධ්‍ය හමුවක දී ය. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති  ආතර් තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය. “ මේ වෙනකොට වල් නාශක…

Read More

පඹ විරෝධතාවක්!

pabaya

එළඹෙන මාස් කන්නය ට පොහොර නොමැතිව ජලය නිකුත් නොකරන්නැයි බල කරමින් අපූරු ආකාරයේ විරෝධතාවක් පොලොන්නරුව ජයන්තිපුර දි ඊයේ (12) පැවැත්විණ. මෙම විරෝධතාව පවත්වා තිබුණේ  විරෝධතා පුවරු ‍රැගත් පඹයන් පිරිසක් විසිනි. ජයන්තිපුර හන්දියේ සිට නාග පොකුණ හන්දිය දක්වා පඹයන් සි‍ටුවා එහි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර පොහොර නැත්නම් වතුර එපා.මොලේ නැති වුන් පාර්ලිමේන්තුවේ,නිසි වේලාවට පොහොර ලබා දෙනු, ගොවියා අනාතයි කුඹුරුත්  විනාශයි.ආදී විරෝධතා පුවරු එම පඹයන් ගේ ගෙල වටා එල්ලා තිබුණි.මෙම පඹයන් සදහා පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා දේශපාලනඥයෙකුගේ ද ඇදුම් අන්දවා පඹයන් කිහිපයක් ම සි‍ටුවා තිබුණි.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි…

Read More