වල් නාශක නැතුව කුඹුරේ හැදෙන්නේ තණකොළ විතරයි !

govi mithuro

මේ දිනවල කූට වෙළෙඳුන් ගොවියන් ගසා කමින් ඉතාම ඉහළ මිලගණන්වලට කෘ ෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන බවත් රජය හෝ නිලධාරීන් හෝ මෙතෙක් මාස් කන්නයේ ගොවිතැන් කරන්නේ කෙසේදැයි නිල වශයෙන් ගොවීන් දැනුම්වත් කර නැති බවත් ඒ වෙනුවට පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මං තීරු හැදීමට දගලමින් සිටින බවත් ගොවි බිමේ මිතුරෝ ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරයි.

එම ගොවි සංවිධානය මෙම චෝදනා එල්ල කළේ අද  (23) දහවල් කැදවා තිබූ මාධ්‍ය හමුවක දී ය. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති  ආතර් තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය.

“ මේ වෙනකොට වල් නාශක ගිය කන්නයේ රුපියල් 6000කට විකුණුවා නම් අද වෙනකොට ඒක 12000ක් දක්වා වැඩි කරලා. රුපියල් 3000 ට තිබුණු එක රුපියල් 6000ක් වෙලා. ගොවියාව සූරාකනවා මේ කූට වෙළෙදුන් එකතුවෙලා. කඩවල්වල තියෙන තොග විකුණන්නේ ඉහළ මිලකට. කවුරුහරි කියනවා නම් වල් නාශක නැතුව ගොවිතැන් කරන්න පුළුවන් කියලා. ඒක කියන කෙනා පට්ට පල් මෝඩයෙක්. වල් නාශක නැතුව කුඹුරුවල හැදෙන්නේ තණකොළ තමයි .වල් නාශක නැති වුණොත් ලබන කන්නයේ ඉදලා මේ රටේ මිනිස්සුන්ට කන්න වෙන්නේ තණකොළ ඇට තමයි.

මේක වී ගොවිතැන ඉවත් කරන්න රජයෙන් කරන උපක්‍රමයක් ද කියලා අපට සැකයක් තියෙනවා.ලබන කන්නයේ ඉදන් තණකොළ ඇට තමයි කන්න වෙන්නේ. මේක මහා අපරාධයක්.ඒක කරන්න එපා. ඊළගට අද කට්ටියක් පරාක්‍රම සමුද්‍රය අල්ලා ගෙන මං තීරු හදන්න දගලනවා. වී මිල රුපියල් 55ක් ඇති කියලා කියනවා.

මේ වැඩ කරන්නේ ගොවියෝ නෙමෙයි බත් කන මිනිස්සුද කියලා හිතෙනවා. අපි කියනවා ලොකු පාපකර් මයකුත් ඇති කරගෙන සංඝභේදයක් නිර් මාණය කරලා තියෙනවා. පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ මං තීරු හදන්න ගිහිල්ලා ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අර මාධ්‍ය ඉස්සරහා වී මිල 55ක් ඇති. මං තීරු හදන්න ඕන කියලා කෑ ගැහුවේ වෙන කවුරුවත් නෙමෙයි ගොවිතැන් කරන ගොවියන් වත් පොලොන්නරුවේ ගොවි ජනතාව වත් නෙමෙයි. ඒ අයගේ හෙන්චයියෝ. සල්ලිවලට කහින්නේ. ඒක නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා වැවේ මං තීරු හදන්න එන්න එපා. මුලු රටේම ලොකු ප්‍රශ්නයක් ඇතිවෙයි. කොහාට ද මේ රට ගෙනියන්නේ?

මෙහි දී අදහස් දක්වමින් ගොවිබිමේ මිතුරෝ ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම්  ඩී සරත් ජයසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

“මේ සතිය දෙක ඇතුළත් ගොවියා විශාල වශයෙන් හූරා කෑමකට ලක් කරනවා පොහොර හංගාගෙන ඉන්න මුදලාලිලා. යූරියා මිටිය රුපියල් 6000 ට 7000ට විකුණනවා. තෙල් ඒත් එහෙමයි. සමහර ඒවා කල් ඉකුත් වෙලා කල් ඉකුත් වෙච්ච ඒවා විකුණන්නත් බෑ. නමුත් මේ කූට වෙළෙන්දෝ ගොවියාව ගසා කනවා. අනිවාර් යයෙන් ම ඒ ගැන් සොයා බලන්න කියලා බල කරනවා. මේ තත්ත්වයට හේතුව ආණ්ඩුව මේ වෙනකල් ගොවියාට කියා නෑ කොහොමද ළග එන මාස් කන්නයේ වගා කරන්නේ කියලා.

ස්තිරව පැහැදිලි ප්‍රකාශයක් රජය කරන්න ඕන. මේ සැරේ කොහොමද ගොවිතැන කරන්නේ කියලා . අපට පොහොර කොච්චර ප්‍රමාණයක් දෙනවාද එහෙම නැත්තං නොදෙනවාද? කාබනික පොහොරවලින් මද කරන්නේ? එහෙම කරනවා නම් කොච්චර කුඹුරකට ඕනද කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපේ ගොවි ජනපදවල රාජ්‍ය නිලධාරින් ඉන්නවා අදාළ ඒවා දැනුම්වත් කරන්න. හැබැයි අද වෙනතෙක් එහෙම දැනුවත් කරලා නෑ. අද ගොවියා අපේක්ෂා භංගත්වයට පත් වෙලා බොහම කළකිරීමෙන් ඉන්නේ. අනාගතය මොකද්ද අනාගතයේ ගොවිතැනට අත් වන ඉරණම මොකද්ද කියලා තීරණයක් නෑ. දැන් කාබනික පොහොර හදන ගොවියාට රුපියල් 12500ක් දෙනවා කිව්වා. හෙක්ටයාරයකට.ගොවීන් දැන් සියයට 99ක් ඒවා හදලා ඉවරයි. හැබැයි තාම සත පහක් දීලා නෑ. මේවා කළේත් ණය වෙලා.

රජය මේ බොරුව දිගින් දිගටම කරගෙන යනවාද නැත්තං ඇත්ත කියලා ගොවියාට කියනවාද මේ විදිහට කරන්න කියලා එක නිශ්චිත ක්‍රමයක්. අද ගොවි ප්‍රජාව බොහොම අසීරුතාවට පත් වෙලා ඉන්නේ. රජය මේ සතිය ඇතුළත කියන්න ඕන. කෘෂි රසායන තහනම් කරලා නම් කොහොමද වෙළදපොලට මේවා එන්නේ? අද විශාල වශයෙන් ගොවියා හූරා කනවා ඒවා ගිණි ගණන් දීලා ගන්න වෙලා. රජය තහනම් කරලා නම් කොහොමද වෙළද පලේ තියෙන්නේ.? අනිත් කාරණය තමයි පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මං තීරු හදන්න යන එක.

අපි කියනවා ඔය මං තීරු හදනවාට වඩා ගොවි බිම්වල කරන්න බොහෝ දේවල් තියෙනවා. වසර ගණනකින් කෙත් ඇලවල් පිළිසකර කරලා නෑ. ගොවි බිම්වල ගොවියන්ගේ ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවාට මැදිහත් වෙන්න ඇවිදින මං තීරු හදන්න නෙමෙයි තියෙන්නේ.රජය කරවන ආණ්ඩුව මේ වෙලාවේ ගොවියාගේ මේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න කියලා ඉල්ලා හිටිනවා

මෙම අවස්ථාවේ දී තවත් ගොවි නියෝජිතයන් කිහිප දෙනෙකුම අදහස් දැක්වූහ.

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….