මිහින්තලය පුරාවිද්‍යා බිම සී සෑම කාගේ උවමනාවක්ද?

mihinthalaya

මිහින්තලය පොලිස්වසමේ සුරුක්කුලම ගම්මානයේ පිහිටි සුලුගුළු විහාරස්ථානයට ආසන්නයේ පිහිටි පුරාවිද්‍යා බිම් ලෙස නම්කර තිබෙනා අක්කර ගණනාවක් ට්‍රෑක්ටර් යොදාගෙන සීසෑ බවට (ඩිෂ්කිරීම)චෝදනා ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ට්‍රැක්ටර් රථ දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මිහින්තලය පොලිස්වසමේ 565 ඉහළගම තුලාන සුරුක්කුලම ගම්මානයේ පදිංචිකරුවෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට හා මිහින්තලය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් විමර්ශනය කිරීමෙන් පසුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් දෙදෙනා මහවිලච්චිය පොලිස්වසමේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි. සුලුගුළු විහාරස්ථානයේ වැඩ වසන හිමිනමක් විසින් කැලෑ එළිකිරීම් හා විවිධ කැනීම් කටයුතු මෙහෙයවනා බව කියමින් ඊයේ (17)ගම්වැසියන් පනහක…

Read More

ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයට අකුණක් වැදෙයි!

lankathilaka viharaya

පොලොන්නරුව ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයි ඉහළ බිත්තියට ඊයේ (19) අකුණක් පහත් වීම හේතුවෙන් එහි බිත්තියට හානි සිදු වි ඇතැයි පුරා විද්‍යා දෙපාර් තමේන්තුව පවසයි. පොලොන්නරුව කලාපය භාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඕ.ආර්.ජයතිලක මහතා පැවසුවේ ලංකාතිලක පිළිම ගෙයට අයත් උස්වූ ගඩොල් බිත්තියට ඊයේ  (19) රාත්‍රියේ වැස්සත් සමග අකුණක් එල්ල වී ඇති බවයි. “ මේ අකුණ පහත් වෙලා තියෙන්නේ ලංකාතිලක විහාරයෙහි  බිත්තියේ මුදුණට.අනතුරේ තරම කොච්චර ද කියලා වෙනම පරික්ෂණයක් කරන්න ඕන.දැනට ඉහළ බිත්තියෙන් ඉපැරණි ගඩොල් කිහිපයක් කුඩු වෙලා පිළිමය අසලත් මලුවටත් පතිත වෙලා තියෙනවා.පිළිමයට වම් පසින් තමයි ඉහළ බිත්තියෙන් කොටසක් මේ විදිහට කැඩිලා…

Read More