ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයට අකුණක් වැදෙයි!

lankathilaka viharaya

පොලොන්නරුව ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයි ඉහළ බිත්තියට ඊයේ (19) අකුණක් පහත් වීම හේතුවෙන් එහි බිත්තියට හානි සිදු වි ඇතැයි පුරා විද්‍යා දෙපාර් තමේන්තුව පවසයි.

පොලොන්නරුව කලාපය භාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඕ.ආර්.ජයතිලක මහතා පැවසුවේ ලංකාතිලක පිළිම ගෙයට අයත් උස්වූ ගඩොල් බිත්තියට ඊයේ  (19) රාත්‍රියේ වැස්සත් සමග අකුණක් එල්ල වී ඇති බවයි.

“ මේ අකුණ පහත් වෙලා තියෙන්නේ ලංකාතිලක විහාරයෙහි  බිත්තියේ මුදුණට.අනතුරේ තරම කොච්චර ද කියලා වෙනම පරික්ෂණයක් කරන්න ඕන.දැනට ඉහළ බිත්තියෙන් ඉපැරණි ගඩොල් කිහිපයක් කුඩු වෙලා පිළිමය අසලත් මලුවටත් පතිත වෙලා තියෙනවා.පිළිමයට වම් පසින් තමයි ඉහළ බිත්තියෙන් කොටසක් මේ විදිහට කැඩිලා පතිත වෙලා තියෙන්නේ.පිළිමයට හානියක් වෙලා නෑ.දැනට මෙය සුළු හානියක් වගේ පෙනෙන්නේ.නමුත් අපි මේ ගැන පරික්ෂණයක් ආරම්භ කරනවා.” යැයි ද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ අව් වැසි ආදියෙන් ද අකුණු අනතුරු ආදියෙන් ද මෙම පුරා විද්‍යා ස්මාරක ආරක්ෂා කර ගැනීමට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවයි.අව් වැසි ආදියෙන් ආරක්ෂාවීම සදහා පියැස්සක් හෝ අකුණු සන්නායක හෝ සවිකර නොමැති බව ද ඔවුහු පෙන්වා දෙති.

මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව.1153-1186) මහ රජු විසින් ඉදිකරවන ලද්දේ යැයි සැලකෙන ලංකාතිලක විහාරය මහල් 5කින් යුක්ත වූ සුවිසල් බුද්ධ මන්දිරයක් වූ බවත්  අඩි 55ක් උස බිත්තිය ගණව ශක්තිමත්ව නිම කරවා ඇති බවත් වංශ කතා සදහන් කරයි.දැන්  එහි හිටිපිළිමයෙහි ශීර් ෂය කැඩී ඇත.අඩි 42ක් උස මෙම බුද්ධ ප්‍රතිමාව ට වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්  බුද්ධ ප්‍රතිමාවට පිටු නොපා ඉන් පිටවීම සදහා පහසුකම් සහිත වීම විශේෂත්වයකි.

පින්තූරවල දැක්වෙන්නේ අකුණු අනතුරෙන් පොලොන්නරුව සොළොස්මස්ථානයට අයත් ඓතිහාසික පුරාවිද්‍යා උරුමයක් වූ ලංකාතිලක පිළිම ගෙයට සිදු වී ඇති හානියයි.

lanakathilaka viharaya lankathilaka viharaya lankathilaka viharaya lankathilaka viharaya

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….