ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව වෛරස් රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා. මෙම ආසාදිතයින් තිදෙනා විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ. මේ දක්වා හඳුනා ගෙන ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව 07 දෙනෙකු වනවා.
Read MoreTag: coronavirus
ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32 ක්
ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32 ක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා. ඔහු කියා සිටියේ එම විකෘතිතා සංඛ්‍යාව ඩෙල්ටා සහ ඇල්ෆා ප්රභේදවල විකෘතිතා සංඛ්‍යාව පවා ඉක්මවා යාමක් බවයි. ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජයේ පැතිර යාම සහ ඉන් පුද්ගලයින්ට සිදුවන බලපෑම පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට තවමත් දත්ත ප්‍රමාණවත් නොමැති බවයි විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසුවේ.
Read More’ඔමික්‍රෝන්’ නිසා කොරෝනා වසංගතය නිමා වෙයිද?
ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය බිහිවූයේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් කිරීමට බවය. ඔමික්‍රෝන් නැමැති නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් හමුවූ රටවල් ගණන 17ක් දක්වා ඉහළ ගොස් ඇත. එංගලන්තය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව, බෙල්ජියම ඇතුළු මෙම රටවල් අතරට එක් වූ නවතම රට ස්පාඤ්ඤය යි. මින් හමුවූ ආසාදිතයා කිසිදු රටකට සංචාරය සඳහා ගොස් නැති අතර කිසිදු විදේශිකයකු ද හමුවී නැත. කොවිඩ් 19 මාතෘ වයිරසය ඔමික්‍රෝන් ලෙස වෙනස් වුණේ වයිරසයේ පැවැත්ම රඳවා ගෙන, එය ආසාදනය වෙන මනුෂ්‍ය අපේත් ජීවිත…
Read Moreඩොල්ටාවේ වෛරස් අංශු දහස් ගුණයකින් වැඩීයි
කොවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් ‘කොරෝනා වයිරසයේ මුල් කාණ්ඩය’ ආසාදනය වූ අයට වඩා වයිරස් අංශු විශාල ප්‍රමාණයක් නිපදවන අතර එමඟින් ඔවුන් හරහා ආසාදනය පැතිරීම ඉතා පහසු වන බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. මෙරටින් වාර්තාවන ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් ගණන 66ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පැවසුවේ බහුතරයක් කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වූ බවයි. චීනය සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමෙන් පසුව නිරෝධායනය කරන ලද පුද්ගලයින් 62 දෙනකු මෙම කණ්ඩායම විසින් නිරීක්ෂණය කරන ලද අතර, කාලයත් සමඟ එය වෙනස් වන්නේ…
Read Moreඑන්නත ලබා ගත් වැඩි පිරිසකට කොරෝනා
එන්නත් ලබාගත් ජනගහනය අතර වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයන් හඳුනාගනිමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉකුත් සති 4ක කාලයේදී සිංගප්පූරුවෙන් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින්ගෙන් 3න් 1ක් එන්නත් ලබාගත් අය බව එරට රජයේ දත්ත සඳහන් කරයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 544 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
Read Moreතවත් සිසුවකුට කොවිඩ්
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම සිසුවාගේ ආශ්රිත සිසුන් හා එම සිසුන්ගේ පවුල්වල අයද ස්වයං නිරෝධානයට ලක් කිරිම පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එස් බාලක්‍රිෂ්නන් මහතා පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ ගිනිගත්හේන පුද්ගලික ඇගලුම් කම්හලක සේවය කරන හැටන් ගාමිනි පුර පදිංචි අයකු කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමෙන් පසු ඔහුගේ පවුලේ අය පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු මෙම විදුහලේ ඉගෙනුම ලබන ඔහුගේ පුතාද කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමට හැකිවු බවත්ය. එම…
Read Moreකොරෝනා මරණ 44 ට නගී
තවත් කොවිඩ් ආසාදිත මරණ හතරක් වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙරටින් වාර්තා වන කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 44ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි. එක් පුද්ගලයෙක් කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පිරිමි අයෙකි. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත. අනෙක් කොවිඩ් මරණය කැලණිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකුත් මරණයට පත්වෙයි. හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය වීමෙන් ඇතිවූ හෘදයාබාධයක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර ඇත. තවත් කොරෝනා…
Read Moreතුන්වැනි කොවිඩ් රැල්ල ලග ලඟම එන ලකුණු
ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල ඇතිවිය හැකි බවට කොවිඩ් -19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. තෙවැනි කොවිඩ් රැල්ලෙන් දැනට පවතින වයිරසය මීටත් වඩා භයානක විය හැකි බවට ඔවුන් අනතුරු අඟවා ඇතැයි ද ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය. මෙම වයිරසයට බෙහෙතක් සොයා ගැනීමට නොහැකි වුවහොත් තුන්වැනි රැල්ලේදී දරුණු ප්‍රතිඵල ඇතිවිය හැකි නිසා ජනතාව සැමවිටම සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
Read More