’ඔමික්‍රෝන්’ නිසා කොරෝනා වසංගතය නිමා වෙයිද?

corona

ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත.

මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය බිහිවූයේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් කිරීමට බවය.

ඔමික්‍රෝන් නැමැති නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් හමුවූ රටවල් ගණන 17ක් දක්වා ඉහළ ගොස් ඇත.

එංගලන්තය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව, බෙල්ජියම ඇතුළු මෙම රටවල් අතරට එක් වූ නවතම රට ස්පාඤ්ඤය යි.

මින් හමුවූ ආසාදිතයා කිසිදු රටකට සංචාරය සඳහා ගොස් නැති අතර කිසිදු විදේශිකයකු ද හමුවී නැත.

කොවිඩ් 19 මාතෘ වයිරසය ඔමික්‍රෝන් ලෙස වෙනස් වුණේ වයිරසයේ පැවැත්ම රඳවා ගෙන, එය ආසාදනය වෙන මනුෂ්‍ය අපේත් ජීවිත රැක ගැනීමට වෙන්න පුළුවන්.

මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් වැඩිදුරටත් මෙසේ පවසයි

වයිරසයකට ඇත්තේ එක අරමුණයි. ඒ, නොනැසී පැවැත්ම රඳවා ගනිමින්, පිටපත් වැඩි වැඩියෙන් නිර්මාණයයි. එසේ කිරීමට නම් එය වැඩි දෙනකු අතරේ පැතිරෙන්න ඕනෑ. වයිරසය ආසාදනය වූ තැනැත්තා වයිරසයෙන් මියගියොත් හෝ ප්‍රතිශක්තියෙන් වයිරසය අඩපණ කෙරුණොත් වයිරසයට සිය අරමුණ ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ.

කොවිඩ් 19 වසංගතයට අවසානයක් තිබිය යුතුයි. අවසානය වෙන්න නම් එක්කෝ වයිරසය ලොවෙන් තුරන් විය යුතුයි. නැතිනම් එය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් දක්වා ප්‍රබලත්වය අඩු විය යුතුයි.

මා හිතන්නේ ඔමික්‍රෝන් කියන්නේ එසේ වෙනස් වුණු විකෘතියයි. කොරෝනා වසංගතයේ අවසානය මෙය විය හැකියි.” යැයි මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් සිය අදහස ඉදිරිපත් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ද වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් එම අදහසට සහාය දක්වමින් පවසා ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මකව ලුටර්බාෂ්ගේ අදහස පිළිගත හැකි බවය.

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….