ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනයේ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ස්වයං ක්‍රීය ගිනි අවියක් රැගෙන අනුරාධපුර බන්ධනාගාරයට ගොස් යකා නැටීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන බවත්, ඒ පිළිබදව වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවත් අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය (12දා) ජාත්‍යන්තර සිරකරු දිනය පැවති දිනයේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ආයුධ සන්නද්ධව අනුරාධපුර බන්ධනාගාරයට ගොස් උපරිම ආරක්ෂක සිර මැදිරියේ (මැක්සිමස්) රදවා සිටි අංක 140 සිරකරුගේ හිසට පිස්තෝලයක් එල්ල කිරීමට විරෝධය පලකරමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා. මේ ඇමතිතුමා හරිම ප්‍රසිද්ධයි ගිණි…
Read More