ගංජා ප්‍රවාහනය කරමින් සිටියදි අංකුඹුර පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළෙකුගේ මිහින්තලය පිහිටි නිවස පරික්ෂා කිරීමෙන් පසුව කේරළ ගංජා මත්පැන් හා විදේශිය දුම්වැටි තොගයක් සමග ඔහුගේ බිරිද අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි. යුද හමුදා සෙබළා කේරළ ගංජා ග්‍රෑම් පන්සියයක ප්‍රමාණයක් සමග අංකුඹුර පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ නිවස පරික්ෂා කිරීම සිදුකරනා ලෙස අංකුඹුර පොලිසිය රේඩියෝ පණිවිඩ මගින් මිහින්තලය පොලිසිය ඊයේ (2)දැනුම්වත් කර තිබේ. ඒ අනුව මිහින්තලය පොලිසියේ නිලධාරින් මිහින්තලය ගෙවල් විස්ස ප්‍රදේශයේ පිහිටි නිවසට උපාය දූතයෙකු යොදවා රජයේ මත්පැන් බෝතලයක් මිලදි ගෙන ඇති අතර අනතුරුව සැකකාර තරුණිය…
Read MoreTag: eheliyagoda police
මිහින්තලේ නිධන් සෙවු වනජීවි නිලධාරියා ඇතුලු පිරිසට ඇපත් නැති වෙයි!
නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදි මිහින්තලය පූජා භූමියේ රාජගිරි ලෙන බිද නිදන් සෙවූ වනජීවි නිලධාරියෙකු ඇතුළු දොලොස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව තවදුරටත් මේ මස (29දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජය ජයසුරීය මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කළුතර උතුර පදිංචි මිහින්තලය වනජීවි සංචාරක නිවාසය බාර නිලධාරිවරයා හා පෙරමියන්කුලම එප්පාවල පස්සර බදුල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22 හා 51 වියේ පසුවන්නන් දොළොස් දෙනෙකි. සැකකරුවන් නිදන් හෑරීම සිදුකළ ස්ථානය නිරික්ෂණය කර එම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක්ද…
Read More