ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි

ranil wickremesinghe news

ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. එහිදී අදහස් දැක්වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, “ඇයි මේ ලාභ ලබන ආයතන විකුණන්නේ අහනවා. මේකෙන් රටට විශාල හානියක් වෙනව කියනවා. මේවා කරලා හරි ගියේ නැහැනේ කියනවා..ශ්‍රී ලන්කන් ගුවන් සේවය, රක්ෂණ, හිල්ටන්, හා අනෙක් ආයතන අපි විකුණන්නේ ඩොලර්වලට. බිංදුවට තියෙන අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 3කින් වත් වැඩි වෙනවා. සංචිත වැඩි වුණාම ගෙදර කුස්සියේ මුදල් ශක්තිමත් වෙනවා. අපේ විශ්‍රාම වැටුප්, සේවක අර්ථ සාධක අරමුදල දැන් 50% කින් අඩපණ වෙලා තියෙන්නේ..බාල්දුවෙලා. ඒක ආයෙත් දියුණු වෙනවා.” “ඉතින්…

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයට

ලෝක කුසලාන තරගාවලියේ අද (01 වැනිදා) පැවැති තරගයේදී ඇෆ්ඝනිස්ථානය කඩුලු 6 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය දක්වා ඉහළ නැඟ තිබේ. කෙසේ වෙතත් තරග දෙකක් පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය තවමත් සෘණ අගයක් ගනී. ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත. මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 144ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 18යි පන්දු 3කදී කඩුළු 4ක් පමණක් දැවී…

Read More

අදත් ගිගුරුම් සහිත වැසි

badweather

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇති වීමේ හැකියාවක් පවතින අතර මාතර, පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි යි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය…

Read More