ඉතිහාසයේ පළමුවරට සෞඛ්‍ය අංශයට විශාල මුදලක් වෙන් කරයි.

keheliya-rabukwalla

සෞඛ්‍ය සේවාව සඳහා මෙරට ඉතිහාසයේ පළමුවරට අය – වැය මගින් රුපියල් මිලියන පන්සියඅසූවක මුදලක් වෙන් කොට ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පවතින වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත මෙම මුදල් වෙන්කිරීම සිදුවන බව අය වැය පිළිබදව දැනුවත් කිරීම සඳහා මහනුවර කුණ්ඩසාලේ දී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සංචාරක, ඇඟලුම්, කෘෂිකර්ම ආදි සියලු ක්ෂේත්‍රවල බිඳ වැටීමක් පවතින අවස්ථාවක රටේ සංවර්ධන ප්‍රමාද කිරීමට රජය කටයුතු නොකරන බව කී අමාත්‍යවරයා, ඉදිරි වර්ෂයේදී ග්‍රාම නිලධාරී වසමක් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 03ක් බැගින් වෙන්…

Read More

පාසල් දරුවන්ට ලබා දෙන කොවිඩ් එන්නත යළි සමාලෝචනයට!

keheliya

පාසල් දරුවන් සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම යළි සමාලෝචනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවීඩ් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ද ඒ පිළිබදව අවධානය යොමු කළ බව අමාත්‍යවරයා කීවේය. ඒ අනුව අද  (15) දිනයේදී ඒ සම්බන්ධයෙන් යළි සාකච්ඡාවක් පවත්වන බව ඒ මහතා මහනුවර දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කළේය. පෙර පාසල් දරුවන්ට එම අධ්‍යාපනය අහිමිවුවහොත් එම අවස්ථාව යළි ලබාගැනීමට නොහැකි බව අධ්‍යාපනඥයන් ප්‍රකාශ කොට ඇතැයි අමාත්‍යවරයා කීවේය. ඒ  නිසා අවුරුදු 12 සිට 18 දක්වා දරුවන්ට එන්නත ලබාදීම මෙන්ම අවුරුදු 07 සිට 13 වයසේ…

Read More