එන්නත්කරණයයි පාසල් විවෘත් කිරිම අතර සම්බන්ධයක් නැහැ – GMOA සභාපති

dr.padeniya

කොවිඩ් වසංගතය හේතුවෙන් වසාදමා තිබෙන රජයේ පාසල් විවෘත කිරීම හා එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත් ලබාදීමට නිර්දේශයක් ලැබි නැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති හා ළමා රෝග ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ මිහින්තලයේ පැවති උත්සවයකට (27දා)සහභාගි වෙමින් මාධ්‍යවේදින් යොමු කළ පැණයන් කිහිපයකට පිළිතුරු සපයමිනි. එහිදි වැඩිදුරටත් කථා කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා. වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම පිළිබදව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විවිධ දුර්මතයන් පැතිරි යනවා.…

Read More

මහනුවර තරුණ තරුණියන් සඳහා එන්නත් ලබාදීම අද සිට

kandy

මහනුවර නාගරික බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 – 29 අතර පිරිස් සඳහා කොරෝනා ප්‍රතිශක්තිකරණ පළමු මාත්‍රාව ලබා දීම අද (15) සිට මධ්‍යස්ථාන දෙකක් තුළ ක්‍රියාත්මක කෙරේ. අද සිට මෙම මස 17 දින දක්වා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේදී සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ දී එන්නත්කරණය සිදු කෙරේ. අනිවත්ත බටහිර, අනිවත්ත නැගෙනහිර, කටුකැලේ බටහිර, මුල්ගම්පොල, කටුකැලේ, දොඩම්වල සහ වෙල්අට යන ග්‍රාම නිලධාරී වසම්වල පදිංචිකරුවන් සඳහා අද දින මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ දී එන්නත්කරණය සිදුවෙයි. කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දී අද එන්නත් ලබාදීම සිදු වන්නේ අරුප්පල බටහිර, වටපුළුව, වටපුළුව බටහිර, වටපුළුව…

Read More