එන්නත්කරණයයි පාසල් විවෘත් කිරිම අතර සම්බන්ධයක් නැහැ – GMOA සභාපති

dr.padeniya

කොවිඩ් වසංගතය හේතුවෙන් වසාදමා තිබෙන රජයේ පාසල් විවෘත කිරීම හා එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත් ලබාදීමට නිර්දේශයක් ලැබි නැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති හා ළමා රෝග ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ මිහින්තලයේ පැවති උත්සවයකට (27දා)සහභාගි වෙමින් මාධ්‍යවේදින් යොමු කළ පැණයන් කිහිපයකට පිළිතුරු සපයමිනි. එහිදි වැඩිදුරටත් කථා කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා.

වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම පිළිබදව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විවිධ දුර්මතයන් පැතිරි යනවා. නමුත් එන්නත් පිළිබදව අනුකමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානය සී.ඩී.සි ආයතනය ඔක්ස්ෆර්ඩ් මයෝමින් කියන ආයතන නිර්දේශයන් ලබාදීලා තියනවා. ෆයිසර් එන්නත තමයි දරුවන්ට නිර්දේශිත එන්නත කියලා.

අපි කාණ්ඩ තුනක් යටතේ එන්නත ලබාදිම සිද්ධවෙනවා ඒ අවුරුදු 12-19 කාණ්ඩය. එහිදි දීර්ඝ කාලීන රෝග තියන අයට ප්‍රමුඛතාවය ලබාදීමට පියවර ගෙන තියනවා. ඊට ප්‍රධාන හේතුව තමයි එම කණ්ඩායම අවධානමකට ලක්නොකර පාසල් ආරම්භයේදිම ඔවුන්ට සම අවස්ථාව ලබාදීමට කටයුතු කිරීම.

වයස අවුරුදු 15ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායේ අනුමැතිය ලබාගෙන අවශ්‍ය ඉදිරි කටයුතු කරනවා වගේම එන්නත් මිලියනක් ඉදිරියේදි රටට ලැබෙනවා.ඒ අනුව අපි වයස අවුරුදු 19-18-17 කියන වයස් කාණ්ඩයන්ට එන්නත් ලබාදිම සිදුකරනවා.අනතුරුව 12-15 කියන වයස් කාණ්ඩයට එන්නත දෙනවා.

සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දුර්මතයක් පැතිර යනවා මේකෙන් දරුවන්ට භායනක ප්‍රථිපල වලට මුහුණ දෙන්න වෙනවා කියලා.නමුත් ලෝකයේ මතය තමයි ෆයිසර් එන්නත දුන්නාහම මයෝකාඩයිස් කියන තත්වය ඇතිවෙනවා කියලා.

නමුත් ලෝකයේ කිසිම තැනක දරුවෙකුට ජීවිත හානි සිදුවුනා කියලා වාර්ථා වෙලා නෑ.සුළු කාලයක් රෝහල් ගතවීම් සිද්ධවෙලා තියනවා ඊට වැඩිය කිසිම සිදුවීමක් සිදුවෙලා නෑ.

වයස අවුරුදු 12-15 අතරේ දරුවන්ට දෙවන එන්නතක් ලබාදීම පිළිබදව තවම තීරණයක් නෑ.අපි රජයෙන් මේවනවිට ඉල්ලීම් කරලා තියනවා පාසල් විවෘත කරන්න කියලා.පාසල් වහලා තියනවට වඩා පාසල් නැවත විවෘත කිරීම වාසිදායක බව යුනිසෙෆ් යුනෙස්කෝ ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියනවා.ඒ නිසා පාසල් විවෘත කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා තිබෙනවා.

මේ මස පළමු වෙනිදා රට විවෘත කරනවද කියන එක වසංගත රෝග විද්‍යා ඒකකය ඇතුළු ආයතන මේ මස 30 වනදා ජනාධිපතිතුමා ඇතුළු කොවිඩ් කාර්ය සාධක බලකාය එක්ව පැවත්වෙන රැස්වීමෙන් පසුව තීරණය කරයි.තිහට වැඩි පිරිස් එන්නත ලබාගැනීම සිදුකිරීම හොද තත්වයක තිබ්බත් 20-30 අතර වයස් කාණ්ඩවල තරුණ තරුණියන් ෆයිසර් එන්නතම ලබාගත යුතුයි කියන මතයක ඉන්නවා.

මේ වෙනකම් එන්නත් ලබාගත් කිසිදු අයෙකුට අතුරු ආබාධ ඇතිවෙලා තියනවා කියන වාර්ථා වෙලා නෑ.මේ එන්නත් විතරක් නෙමෙයි ඕනම එන්නතක් ගත්තහම ඇතැම් අයට සංකූලතා ඇතිවෙන්න ඉඩ තියෙනවා ඒක සාමාන්‍ය දෙයක්.පවතින තත්වය මත එන්නත් කරනයට ලක්වීම ඉතා හොද යැයි වෛද්‍යවරයා පැවසුවේය.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….