වෘත්තීය පුහුණු අධිකාරිය පිහිටවනු ලැබුවේ 1995 අංක 12 පනතෙන්. ඒ යටතේ දිවයින පුරා වෘත්තීය පුහුණු ආයතන 193ක් තිබෙනවා. ක්ෂේත්‍ර 18ක් ඔස්සේ පුහුණු පාඨමාලාවන් 103කට අධික සංඛ්‍යාවක් ලබා දෙනවා. පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි.
ඒවා අතරින් NVTI – ජාතික වෘත්තීය පුහුණු ආයතන 08ක් ඇති අතර, K tech එක ඉන් එක් අයතනයකි. ඊට අමතරව නාරාහේන්පිට, නියාගම ආදී ලෙස ස්ථාන 8ක මේ ආයතන පිහිටුවා ඇත. සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිස්ත්‍රික් පුහුණු ආයතන 22ක් ද පිහිටුවා තිබේ.
මේ ආයතන මගින් NVQ ලෙස හඳුන්වන ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 1, 2, 3, 4 දක්වා සහතික මට්ටම් කරා ළඟා විය හැකියි.
ජාතික වෘත්තීය පුහුණු ආයතන NVQ 5 ඩිප්ලෝමා මට්ටමේ හා NVQ 6 උසස් ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා පවත්වනවා.
මේ සියලුම ආයතන මඟින් වසරකට ආසන්න වශයෙන් සිසු සිසුවියන් 35000ක් පමණ පුහුණු කරනවා. එමගින්
“ජීවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක්“ යන්න වෘත්තීය පුහුණු අධිකාරියේ දැක්මයි.
වෘත්තීය පුහුණු අධිකාරිය, මධ්‍යස්ථාන සහිත ස්ථාන, පාඨමාලා ආදිය පිළිබඳ විස්තර සඳහා එහි වෙබ් අඩවියට පිවිසෙන්න: https://course.vta.lk