surveying රජයේ ඉඩම් ආඥා පනත pdf බලපත්ර ඉඩම් පැවරීම ඉඩම් අයිතිය ඉඩම් නීතිය ඉඩම් නීතිය pdf මහවැලි ඉඩම් නීතිය ඉඩම් ඔප්පු වර්ග

මිනින්දෝරුවරයා ඉඩම් මැනුම් සභාවේ ලියාපදිංචි බලපත් ලාභී මිනින්දෝරු වරයෙක්. මෙම ලියාපදිංචිය ලබා ගැනීම සඳහා ඔහු මැනුම් විද්යාවන් පිළිබඳව උපාධි මට්ටමේ හෝ පශ්චාත් උපාධි මට්ටමේ අධ්යාපන සුදුසුකම් ලබා තිබිය යුතුයි. එපමණක් නොව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අවුරුදු ගණනාවක සේවා පළපුරුද්ද ලබා තිබිය යුතුයි.

ගාස්තු හෝ ත්යාග ලබාගෙන ඉඩම් මැනීම සඳහා 2002 අංක 17 දරණ මිනින්දෝරු පනතෙන් ලියාපදිංචි බලයලත් මිනින්දෝරු වරයාට බලය ලබා දී තිබෙනවා. මෙම වෘත්තීය ගාස්තුව තීරණය කරනු ලබන්නේ මිනින්දෝරු වරයා විසින්මයි.

වෘත්තීය ගාස්තුව තීරණය වන්නේ මූලික වශයෙන් ඉඩමේ බිම් ප්රමාණය සහ ඉඩම පිහිටි ප්රදේශය අනුවයි. සාපේක්ෂව ග්රාමීය ප්රදේශයකට වඩා නාගරික ප්රදේශයක මිනින්දෝරු ගාස්තු වැඩියි.

එමෙන්ම මැනුම් කාර්යයේ ස්වභාවය, මිනින්දෝරුවරයාගේ වෘත්තීය නිපුණතාව සහ පළපුරුද්ද මත ද මිළ ගණන් වෙනස් වෙනවා.

ඉඩම මැනීම සඳහා භාවිතා කරනු ලබන පූර්ණමානය (total station) මෙන්ම චන්ද්රිකා සංඥා ග්රාහක (GNSS Receiver) අධික මිලෙන් යුතුයි. එමෙන්ම ප්ලෑන් ඇඳීමට භාවිතා කරන මෘදුකාංග (software), මුද්රණ යන්ත්ර (printers), මුද්රණ තීන්ත සහ ප්ලෑන් මුද්රණය කරන කඩදාසි සඳහාද යම් වියදමක් යනවා.

ක්ෂේත්රයේදී ඉඩම මනිනවාට අමතරව පිඹුර පිළියෙල කිරීම සඳහා කාර්යාලයීය වැඩ කොටසකුත් මිනින්දෝරුවරයා සිදු කල යුතුයි. පිඹුර නියැකීම, මායිම් විස්තර කිරීම සහ බිම් පුමාණය ගණනය කිරීම ආදී කටයුතු ඉහල නිරවද්යතාවයකින් යුතුව සිදුකල යුතුයි.

මිනින්දෝරුවරයා සිය කාර්යයන්හිදී අවධානය යොමු කල යුතු අණ පණත් රාශියක් තිබෙනවා. එබැවින් ඔහු එකී නීති රීති පිළිබඳව මනා අවබෝධයකින් යුතුව සිය කාර්යය ඉටු කල යුතුයි. මිනින්දෝරු සහායක කණ්ඩායම සඳහාද වැටුප් ගෙවිය යුතුයි. ඒ වගේම ප්රවාහණ ගාස්තු සඳහාත් වියදමක් තියෙනවා. මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන තමයි මැනුම් ගාස්තුව තීරණය වන්නේ.

More Stories