yoghurt යෝගට් වල ගුණ යෝගට් හදන හැටි යෝගට් කප් යෝගට් හැඳි

මේ ළඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුනගැහුනා කිරි නිෂ්පාදන සමග ලොකු සම්බන්ධයක් තියෙන, ලොකු පළපුරුද්දක් තියෙන මහත්මයෙක්. ඔහු තමා ඒ කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන මෙහෙයුම් අධ්‍යක්ෂවරයා. සෑහෙන පලපුරුද්දක් තියෙන කෙනෙක්. ඔහුත් එක්ක මායි මගෙ යාලුවයි පැය දෙකක් විතර කතා කළා, ලංකාවේ යෝගට් ගැන. ඔහු කියපු දේවල් ඇහුවාම අපිට තරු වීසි වුණා. ඒ නිසයි මේක ලියන්නම හිතුනේ.

යෝගට් සඳහා යොදා ගන්නේ එළකිරි, මුහුන්, රසකාරක, ප්‍රධාන වශයෙන්ම. ඊට අමතරම පිටිකිරි ස්වල්ප වශයෙනුත්, කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යත් එකතු කරනවා. ජෙලටින්වලින් තමා උකු ගතිය ගන්නෙ සමහර ආයතන.

යෝගට් එකක් කනකොට දිවට දැනෙන්න ඕනෙ ඇඹුල් රසයක් මිසක් පැණි රසයක් නෙවෙයි. ඒත් සමහර ප්‍රසිද්ධ යෝගට් කනකොට සෑහෙන්න පැණි රසයි. ඒ වගේම ඝනයි. මම ඒකට හේතුව අර මහත්මයාගෙන් ඇහුවාම ඔහු දුන්න උත්තරේ මෙන්න:

“යෝගට්වලට හොඳම එළකිරි ඕනෙ. ඒ එක්කම අර කලින් කිව්ව දෙවලුත් සුලු වශයෙන් එකතු කරනවා. ඊට අමතරම තනිකරම පිටිකිරිවලින් යෝගට් හදන සමාගම් ලංකාවේ තියෙනවා. එයාලා කරන්නේ. ඒ යෝගට්වලට සීනි හා ජෙලටින් අධික ලෙස යොදන එක. ඒ යෝගට්  හරි උකුයි. පැණි රසයි. හැන්දෙන් යෝගට් ගන්නකොටම තේරෙනවා උකුයි කියලා. ඊලගට ඒ යෝගට් කනකොට වෙනස දැනෙනවා දිවට. හොඳ එළකිරි දාලා හරියට හදන හොඳ යෝගට් එකක් ඇඹුල්. කනකොට දිවේ දියවෙනවා. ඒත් අර ජෙලටින්, පිටිකිරි හා සීනි දාපුවා එහෙම නෑ. ඒවා අධික පැණි රසයි. ඝනයි. ඒක නිසා පොඩි ළමයින් වැඩියෙන් කැමති පැණි රස යෝගට් එකට.

දැන් මොකක්ද මේ පැණි රස යෝගට් එකේ අවුල. මම ඒකත් ඇහුවා. එතකොට තමා නියම කතාව කිව්වේ. සමහර ගවපට්ටි හිමියන් තමන්ගේ එළකිරිවලට විවිධ දෙවල් එකතු කරනවලු. යුරියා, කිරිපිටි, සීනි වගේ දෙවල්. එහෙම කරලාලු ඒ අය නියමිත ඝනත්වය ගන්නේ කිරිවල. ඒත්, දෙමළ අයගෙන් ගන්න කිරිවලට කිසිම ජරාවක් එකතු කරන්නේ නෑ. ඒ දෙමළ අය ගවයට පූජනීය සතෙක් විදියට සලකන නිසාලු. ඉතාම පිරිසිදු ගුණාත්මක එළකිරි තියෙන්නේ දෙමළ අය ඇති කරන ගව පට්ටිවල කියන එක ඒ අය අතර තියෙන සම්මතයක්.

කිරි පිටි දාන එකේ අවුල මොකක්ද? කොහොමත් යෝගට් එකට කිරිපිටි ටිකක් දානවා. අවුල තියෙන්නේ ඒ දාන කිරිපිටිවලයි. ලොකු කිරිපිටි නිශ්පාදන ආයතවලින් ඉවත් කරන කිරිපිටි තොග කොළඹ මාකට් එකේ විකෙණෙනවා එක එක නම්වලින්. ඒ නම් ගහන්නෙත් පිටකොටුවෙමලු. නැව්වල ගේනකොට විනාශ වෙන ලොකු කන්ටේනර්වල තියෙන පිටි තොග ආපහු සකස් කරලා. බෑග්වලට දාලා තොග ගානට විකුනනවා පිටකොටුවේ. ඒ පිටි තමා ලංකාවේ ගොඩාක් හෝටල්වල බොන්න දෙන්නේ. ගාන ගොඩාක් අඩුයි. අන්න ඒ පිටිකිරිවලින් තමා බොහෝ දෙනෙක් යෝගට් හදන්නෙ. නොයෙක් වස විස දානවා ඒවට.

තුනක් ගත්තාම එකක් නිකම් දෙනවා වගේ ප්‍රයෝග දාලා එක එක නම්වලින් ජරාව පොඩි අයට දෙන්නම එපා. අර මහලොකු ඇඩ් දාලා විකුණන බහුජාතික සමාගමේ යෝගට් නම් දෙන්නම එපා පොඩි අයට. ඕනෙනම් කාලා බලන්න. සෑහෙන්න පැණි රසයි. ඝනයි. එහෙම වෙන්නේ ජෙලටින් හා සීනි එක්ක පිටිකිරිවලින් හදන නිසා.

කෝන් ෆ්ලවර්, යුරියා, වීසිකරන ජරා පිටිකිරි ඔබේ පොඩි එකාට ගිල්ලවන්න එපා. පව්.

සාමාන්යයෙන් ස්වාභාවික යෝගට් එකක් පාවිච්චි කරන්න පුළුවන් උපරිම කාලය සති දෙකයි. ඊට වඩා වැඩි කාලයක් යෝගට් එක තියාගන්නවා නම් අපි අනිවාර්යයෙන් පිටින් ඒකට රසායනික සංයෝග එකතු කරන්න ඕනැ.

මහාචාර්ය ශිරාණි රණසිංහ, වෛද්‍ය පීඨය – පේරාදෙණිය විශ්වවිද්යාලය

More Stories