පදික මාර්ගවල නවතන රථවාහනවලට නිතිමය පියවර

පදික මාර්ගවල නවතන රථවාහනවලට නිතිමය පියවර

හැටන් නගරයේ පදික මාර්ග තුල නවතා ඇති රථ වාහන හිමියන්ට එරෙහිව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිසිය මගින් නිතිමය පියවර ගැනිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ පදික මාර්ග අවහිර වන අකාරයෙන් විවිධ රථ වාහන නතර කිරිමෙන් පදිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය. එම තත්වයන් මත පදික මාර්ගවල රථ…

පොලොන්නරුවෙන් කොරෝනා ආසාධිතයෙකු හමුවෙයි

පොලොන්නරුවෙන් කොරෝනා ආසාධිතයෙකු හමුවෙයි

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග සෞඛ්‍ය අංශ ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොදවා තිබෙන බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි. ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ ඊයේ(23) අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගැමුණුපුර ප්‍රදේශයෙන් මීට පෙර හමුවූ කොරෝනා ආසාධිතයින්ගේ පවුල ජීවත්වන…

ළමා හිංසනය සහ ස්ත්‍රී දූෂණ ඉහළට

ළමා හිංසනය සහ ස්ත්‍රී දූෂණ ඉහළට

ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ සිදුවීම්වල වර්ධනයක් දක්නට ඇතැයි “ළමා හිංසනයට තිත පදනම” පවසයි. ඔවුන් පවසන්නේ, 2020 මුල් දින 15 තුළ දිවයිනේ විවිධ පොලිස් කොට්ඨාසවලින් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් වාර්තා වී ඇති බවය. ඉන් සමස්ත ළමා අපයෝජන…

අවුරුදු 12ක දැරියකට බරපතළ ලිංගික අතවරයක්

අවුරුදු 12ක දැරියකට බරපතළ ලිංගික අතවරයක්

බුත්තල, ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ සැකකරුවෙකු සහ අනුබල දුන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත. අපයෝජනයට ලක්වූ දැරිය මෙම සැකකරුගේ ඥාති දියණියක් බවත් සැකකරුගේ බිරිඳ විසින් ඇයට යෝගට් එකක් ආහාරයට දී සිය නිවසට ගෙන ගොස් ඇති බවත් වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට…

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන් එක්කෝටි පනස් එක්ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන් එක්කෝටි පනස් එක්ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන එක්කෝටි පනස් එක්ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි පනස් එක්ලක්ෂ 14,500 ක්. සිදුව ඇති මරණ ගණන හයලක්ෂ 19,891ක් බවයි සෞඛ්‍ය වාර්තාවල දැක්වුණේ.

තායිලන්තයේ කිරීටක වෛරසය පැතිරීම වැළැක්වීමට හදිසි නීතිය දීර්ඝ කරයි

තායිලන්තයේ කිරීටක වෛරසය පැතිරීම වැළැක්වීමට හදිසි නීතිය දීර්ඝ කරයි

තායිලන්තයේ ක්‍රියාත්මක හදිසි නීතිය අගෝස්තු මස අවසානය දක්වා දීර්ඝ කිරීමට ද තීරණය කර තිබෙනවා. හදිසි තත්වයක් ප්‍රථමවරට ප්‍රකාශයට පත් කරනු ලැබුවේ රට තුළ කිරීටක වෛරසය පැතිරීම වැළැක්වීම සඳහායි. මෙම නියෝගය යටතේ කිසිවෙකුට නිවසින් පිටවීම, මහජන රැස්වීම් සහ පොදු ප්‍රවාහන කටයුතු තහනම් වනු ඇති.

හොංකොං හි කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළට

හොංකොං හි කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළට

හොංකොං හි කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාමත් සමග නීතිරීති දැඩි කර තිබෙනවා. සියලුම පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර නීති රීති උල්ලංඝනය කරන ඕනෑම අයෙකු හොංකොං ඩොලර් 5000ක උපරිම දඩයකට යටත් විය හැකි බවයි එරට වාර්තාවල දැක්වුණේ. හොංකොං සෞඛ්‍ය ලේකම් සොෆියා චෑන් පැවසුවේ හොංකොං හි වඩාත් තීරණාත්මක කාලය මෙයවන බවයි.

අන්තවාදීන්ට යටත් නොවුණු පාර්ලිමේන්තුවක් ඉතිහාසයේ පළමුවරට බිහිකිරීමට යයි

අන්තවාදීන්ට යටත් නොවුණු පාර්ලිමේන්තුවක් ඉතිහාසයේ පළමුවරට බිහිකිරීමට යයි

තිස්වසරක තිස්සේ පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කොට අන්තවාදීන්ට යටත් නොවුණු පාර්ලිමේන්තුවක් ඉතිහාසයේ පළමුවරට බිහිකරන බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අන්තවාදීන්ට යටත් නොවුණු පාර්ලිමේන්තුවක් මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව ස්ථාපිත කළ හැකි වාතාවරණයක් දැකිය හැකි යැයි කුණ්ඩසාලේ බලගොල්ලේ අභීත එස් ක්‍රීඩාංගනයේදී ඊයේ (21) පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ…

මෙවර පාර්ලීමේන්තු බලය එ.ජා.පය ලබා ගන්නා බව රවි පවසයි

මෙවර පාර්ලීමේන්තු බලය එ.ජා.පය ලබා ගන්නා බව රවි පවසයි

අභියෝග පවතින තරමට එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වන බවත් වර්ථමානයේද එල්ලව ඇති අභියෝග හමුවේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව මෙවර පාර්ලීමේන්තු බලය ලබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති රවි කරුණානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කරන කේ. කේ. පියදාස මහතාගේ හා එස්. කේෂවමුර්ති මහතාගේ ජයග්‍රහානය සදහ හැටන් හෙල දිව හිදි පැවති…

තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු හඳුනා ගැනෙයි
|

තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු හඳුනා ගැනෙයි

කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් පුද්ගලයින් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි අය වේ. තවත් 7 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වේ. කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් සෙසු පුද්ගලයා කන්දකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකි. මේ…