අටළුගමත් හුදෙකලා වෙයි

අටළුගමත් හුදෙකලා වෙයි

නව කොරෝනා ආසාදිත පුද්ගලයින් පිරිසක් හමුනීමත් සමග බණ්ඩාරගම, අටළුගම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. අටළුගම ගම්මානයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 17 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

ඊයේ දිනයේත් ආසාදිතයන් 435 ක්

ඊයේ දිනයේත් ආසාදිතයන් 435 ක්

ඊයේ දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 435 ක් දක්වා ඉහළ ගියේය. ඊයේ රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති. මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 15,550 ක් වූ අතර අද රාත්‍රියේදී හඳුනාගත් පිරිස සමග එම අගය 15,765 ක් විය.‍

රනිල් පාර්ලිමේන්තු යවන්න  හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම්

රනිල් පාර්ලිමේන්තු යවන්න  හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම්

එක්සත් ජාතික පක්ෂයට අදාළ මන්ත්‍රී ධුරය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ලබා ගන්නා ලෙස එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඔහුගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා. පසුගියදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබුණා. එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ පුරප්පාඩුව පවතින, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු…

ජාත්‍යන්තර ප්‍රජාව එක්වීම අවශ්‍යයි

ජාත්‍යන්තර ප්‍රජාව එක්වීම අවශ්‍යයි

ලොව පුරා ව්‍යාප්තව ඇති ගෝලීය ආපදාව වෙත ප්‍රතිචාර දැක්වීමට මෙන්ම ඒ හරහා කඩා වැටී ඇති ගෝලීය ආර්ථිකය යළි නගාසිටුවීමේ කාර්යය සදහාද ජාත්‍යන්තර ප්‍රජාවගේ ඒකාබද්ධ සහයෝගීතාවක අවශ්‍යතාව මතුව ඇතැයි චීන ජනපති ෂී ජින්පිං පවසයි. ආසියා – ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංගමයේ (APEC) ප්‍රධානීන්ගේ හමුවට පෙරාතුව එහි ප්‍රධාන විධායක නිලධාරීන්ගේ හමුව වෙත වීඩියෝ පණිවුඩයක් ඉදිරිපත් කරමින් චීන ජනපතිවරයා…

ට්‍රම්ප්ගේ උප ජනාධිපතිත් ට්‍රම්ප්ව හැර යයි

ට්‍රම්ප්ගේ උප ජනාධිපතිත් ට්‍රම්ප්ව හැර යයි

වත්මන් ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් විසින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිර්මාණය කරන ලද කොරෝනා මර්දන බලකායෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එරට සියලු සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ කොරෝනා මර්දන ක්‍රියාවලියේ නිරතව සිටි සියලු පිරිස් වෙත තම ස්තූතිය පුද කරමින් උප ජනාධිපතිවරයා තමන් එම බලකායෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය.  

අද සහ හෙට සියලු ලංගම බස්රථ ධාවනය වෙයි

අද සහ හෙට සියලු ලංගම බස්රථ ධාවනය වෙයි

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ අද(21) සහ හෙට(22) යන දෙදින තුළ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සදහන් කරයි. ජනතාවගේ පහසුව උදෙසා බස්රථ ධාවනය කරවීමට අවශ්‍ය පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. මෙහිදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ මඟින් ක්‍රියාත්මක කෙරෙන දුරගමන් සේවා ද ක්‍රියාත්මක කෙරෙනු ඇත. මේ අතර හුදකලා කර…

74 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

74 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයකුමිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙම මරණයත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 74 කි. මියගිය පුද්ගලයා කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි අයකි. කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමග උත්සන්න වූ හෘදරෝගී තත්වයකි‍.

ආසියාවේ දෙවන වයස්ගතම කාන්තාව – වාර්තාව ශ්‍රී ලංකාවට

ආසියාවේ දෙවන වයස්ගතම කාන්තාව – වාර්තාව ශ්‍රී ලංකාවට

ආසියාවේ දෙවන වයස්ගතම කාන්තාව වන දොඩම්ගොඩ ,ක්ලෝඩන් වත්තේ පදිංචි වේලු පාප්පානි නිවසේදී ඇද වැටීමෙන් කළුතර නාගොඩ මහ රෝහලට ඇතුලත්කර ශල්‍යකර්මයකින් පසුව සුවය ලබමින් සිටින්නීය. වසය අවුරුදු 117 යි මාස හයක් වයස පාප්පානි දකුණු ආසියාවෙි දෙවැනි වයස්ගතම කාන්තාව වේ. දින කීපයකට පෙර රෝහල්ගතකළ පාප්පානිගේ පාදයක් බිදීමෙන් ඒ සදහා ශල්‍යකර්මයක් සිදුකර මේ වන විට සුවය ලබන බව…