වෙබ් අඩවි නියාමනය ඉදිරි සති 02ක තුළ – ජනමාධ්‍ය විද්‍යාලයක්
|

වෙබ් අඩවි නියාමනය ඉදිරි සති 02ක තුළ – ජනමාධ්‍ය විද්‍යාලයක්

වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී එක් වෙමින් පැවසීය. පුරවැසියන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍යවරයා උපදේශක කාරක සභාවේදී අවධාරණය කළේය….

කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබදව ලෝක බැංකුවෙන් පැසසුම්

කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබදව ලෝක බැංකුවෙන් පැසසුම්

වර්තමානයේ මුළු ලෝකයම මුහුණ දී තිබෙන කෝවිඩ් වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාව කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් ඔවුන්ගේ සුබසාධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත චියෝ කන්ඩා (Chiyo Kanda) මහත්මිය සිය ප්‍රශංසාව පළකරයි. එසේම ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් හමුවේ වුවද මතු වන අර්බුදයන්ට මුහුණ දී ඒවාට විසඳුම් දී රටේ ආර්ථිකය පවත්වා ගෙන…

කොරෝනා අවධානම කොළඹට

කොරෝනා අවධානම කොළඹට

කොළඹ දිස්ත්‍රික්කය තවමත් අවධානම් තත්ත්වයේ පසුවන බැවින් එම දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනය වන විට 20,000 සීමාව ඉක්මවා ගියා. ඒ, ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 391 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු ආසාදිතයින්…

පාසල් 5100ක් අද විවෘත වෙයි

පාසල් 5100ක් අද විවෘත වෙයි

පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ බස්නාහිර පළාත සහ හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙක් ප්‍රදේශවල පිහිටි සියලු රජයේ පාසල් 6 සිට 13 වන ශ්‍රේණි දක්වා අද (23) දිනයේ සිට විවෘත කෙරෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ…