ක්‍රීඩකයින් ගේ නිරෝධායනය ගැන ගම්මු කළබලයට

එල් .පී.එල්. තරඟාවලිය සදහා පැමිණි ක්‍රීඩකයින් තිදෙනෙකු රන්න කහඳාමෝදර ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ නිරෝධායනය සදහා රඳවා තැබීම පිළිබදව කහඳාමෝදර ප්‍රදේශවාසීහු කළබලයට පත්ව තිබුණි. ප්‍රදේශවාසීන් පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානයක් බවට සදහන් කරන කිසිදු පුවරවක් ප්‍රදර්ශනය නොකොට මෙම සංචාරක හෝටලය තුළ නිරෝධායනය වෙන ක්‍රීඩකයින් නවතා ඇති බවයි. මේ ප්‍රදේශය අයිති තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට. ඒ අය මේ ගැන දන්නෙත් නෑ . මේ සියළු දේවල් අධීක්ෂණය වෙන්නේ ඉහළ බලධාරීන් විසින්. ගමේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වරයා දන්නෙත් නැතිව ඇයි හොරාට මෙහෙම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවල තියෙන්නේ කහඳමෝදර ගම්මු ප්‍රශ්න කරති. අපට නිරෝධායන වෙන කවුරු ගෙනත්…

Read More

අය වැය අවසාන ඡන්ද විමසීම වන විට විපක්ෂයේ තව පිරිසක් ආණ්ඩුවට

පාසල් ආරම්භ කිරිමට රජය කටයුතු සූදානම්කල විට ඇතැම් අධ්‍යාපන වෘත්තීය සංගම් නියෝජිතයින් සම්ප්‍රදායික දේශපාලනඥයින්ගේ අසමච්ජාති වැඩපිළිවල ඉදිරියටගෙන ඇතැයි කාන්තා , ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපනසේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා  බේරුවල හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී කීවේය. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 3157 ක් වැයකර නාගහදූව සිට පඹේ දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිම ආරම්භකරමින් පැවති උත්සවයේදි පියල් නිශාන්ත මහතා මේ අදහස් ප්‍රකාශකළේය. අධ්‍යාපනයට සම්භන්ධ විවිධ වෘත්තීය සංගම් දැන් කෑගහන්න පටන්ගෙන තිබෙනවා. පාසල් පටන් ගන්න දින වකවානු අනුව…

Read More

මෙවර ඉදිරිපත්කර තිබෙන අය වැය ව්‍යවසායක අය වැයක්

budget 2021 sri lanka

මෙවර ඉදිරිපත්කර තිබෙන අය වැය ව්‍යවසායක අය වැයක්.මෙම අය වැය සෞභාග්‍යදැක්ම අනුව ව්‍යවසායකයන්ට දොර විවෘත්තකර රට ගොඩ නගන්නට මග සලසන,කෘෂිකර්මාන්ත,කර්මාන්ත සදහා පෙරළියක් කරමින් රටේ අනාගතය පිළිබද දුර දැක්මක් ඇතිව ඉදිරිපත්කළ එකක් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනූප පස්කුවල් මහතා  මතුගමදි කීවේය. ග්‍රාමීය මාර්ග කිලෝමිටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 25.8 ක් වැයකර මතුගම බණ්ඩාරනායක මාවත කාපට් අතුරා සංවර්ධනය කිරිම ආරම්භකිරිමේ උත්සවය අමතා අනුප පස්කුවල් මහතා මේ අදහස් පළ කළේය. සෞභාග්‍ය දැක්ම මේ මහ පොලවේ යථාර්ථයක් කිරිම සදහා ඉදිරිපත් කළ ඉතාම කාලෝචිත අය වැයක් බව සියළු දෙනා…

Read More

අඹගමුවේ අහඹු පි. සි. ආර්. පරික්ෂාවලින් ආසාදිතයන් අට දෙනකු හමුවෙයි

rt-pcr

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලින් කොවිඩ් ආසාදිතයන් අට දෙනකු හමුවිමත් සමග මෙම ප්‍රදේශයේ වැඩි දුරටත් අහාඹු පි. සි. ආර්. පරික්ෂවන් කිරිමට අවදානය යොමු කර ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එස්. කාමදේවන් මහතා පවසන ලද්දේ දිපවාලි උත්සවය සදහා කොළඹ ඇතුළු ප්‍රදේශවල සිට වතු කරය ඇතුළු ප්‍රදේශයන්ට විවිධ පිරිස් පැමින ඇති බවත් එම පිරිස් පිලිබදව අහමු ලෙස කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් 19 ආසාදිතයන්…

Read More

දිලිප්ට හරසර

තංගල්ල ධීවර වරායට පැමිණි හිටපු ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තංගල්ලේ  ධීවරයෝ  විසින් මල් මාලා දමා පිළි ගනු ලැබීය. දිලිප් මන්ත්‍රී තුමා අමු මාළු කෑමෙන් පසුව අපේ මාළු අළෙවිය ඉහළ ගියා. අන්තයටම බැහැල තිබුනු මාළු මිල ඉහල ගියා .මේ කොරෝනා කාලයේ අසරණ වි සිටි ධීවරයා ගොඩ ගන්න පියවරක් ගත්ත දිලිප්  වෙදආරච්චි මන්ත්‍රී තුමාට සමස්ත ධීවරයන් ගේ ප්‍රණාමය හිමි විය යුතුයි තංගල්ල ධීවරයෝ පවසති. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්ච මහතා පැවසුවේ කොරෝනා වසංගතය හමුවේ ධීවරයින් අන්ත අසරණ වුණා.නෙලාගෙන ආපු මාළු කුණු වුනා. මමත් ධීවරයෙක් මට ධීවරයාගේ දුක් දැනෙනවා. මම අමු මාළු කෑවේ…

Read More

අරලගංවිල පොලිසියත් වැසෙයි

lockdown areas in sri lanka today

අරලගංවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග  අරලගංවිල පොලිස් ස්ථානය වසා දමා එහි නිලධාරින් පොලිස් ස්ථානය තුළ දීම නිරෝධායනයට යොඋ කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි.හෙතෙම වැඩි දුරටත් පැවසුවේ මේ වන විට අරලගංවිල පොලිස් ස්ථානයේ සේවය කළ නිලධාරින් හා ඔවුන්ගේ සමීපතමයින් 136 දෙනෙකුගේ ජෛව සාම්පල් ලබාගෙන පී.සී.ආර්.පරික්ෂණ සඳහා යොමු කර ඇති බවයි. කෙසේ වෙතත් උප පොලිස් පරික්ෂකවරයාට වෛරසය ආසාධනාය වූ මූලාශ්‍රය…

Read More

මාධ්‍ය වාරණ ප්‍රතිපත්ති නිසා ගූගල්, ෆේස්බුක්, ට්විටර් ඉවත් වීමට සුදානමින්

social-media

ගූගල්, ෆේස්බුක්, ට්විටර් වැනි අන්තර්ජාලයේ දැවැන්තයන් පාකිස්තානය තුළ සේවාවන්ගෙන් ඉවත් වීමට සූදානම් වෙයි. ඔවුන් මේ ආකාරයෙන් ඉවත් වීමට සැරසෙන්නේ පාකිස්තානයේ ඉම්රාන් ඛාන් රජය අලුතෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති මාධ්‍ය වාරණ ප්‍රතිපත්තිවලට ප්‍රතිචාරයක් වශයෙන් බව සඳහන් වේ. ඉස්ලාම් ආගමට අපහාස කරන අන්තර්ගතයන්, වෛරී ප්‍රකාශ, අසභ්‍ය ප්‍රකාශන, ත්‍රස්තවාදයට අනුබල දෙන අන්තර්ගතයන්, ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල කරන අන්තර්ගතයන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් නව වාරණ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බැව් වාර්තා වේ.

Read More

තව පැය කිහිපයකින් සුළි කුණාටුවක්

weather today at my location

බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ඉදිරි පැය කිහිපය ඇතුළදී එම සුළි කුණාටුව මෙරටට බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම සුළු කුණාටුව ඊසාන දිග වෙරළට ළඟාවීමට නියමිතය. මෙම පද්ධතියේ බලපෑමෙන්දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි. (60-70) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පැ.කි.මි.(40-50) පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැක. නැගෙනහිර, උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු…

Read More

නාපානේ පේමසිරි මහ නාහිමිට අගමැතිගෙන් අවසන් ගෞරව

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත, අති ගෞරවාර්හ නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරයට ඊයේ (22) පෙරවරුවේ පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. මහනුවර, හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙනේ අධ්‍යක්ෂ හා විහාරාධිපති, ශාසන සෝභන, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ වංශාලංකාරධර, ත්‍රිපිටකවාගීශ්වර රාජගුරු, ත්‍රිපිටක චක්‍රවර්ති, පරියත්ති විශාරද, ශාසන කීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත, විනයාචාර්ය, විනය විශාරද, අග්ගමහා පණ්ඩිත වැනි ශාසනික නාමෝපාධිවලින් පිදුම් ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක ධුරන්ධර, අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහනායක ස්වාමින්වහන්සේ බුද්ධ…

Read More