weather today at my location

බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ඉදිරි පැය කිහිපය ඇතුළදී එම සුළි කුණාටුව මෙරටට බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම සුළු කුණාටුව ඊසාන දිග වෙරළට ළඟාවීමට නියමිතය.

මෙම පද්ධතියේ බලපෑමෙන්දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි. (60-70) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පැ.කි.මි.(40-50) පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැක.

නැගෙනහිර, උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි හැකි අතර උතුරු මැද සහ වයඹ පළාත්වලත් මඩකළපුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50-100 පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

තද සුළං මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Similar Posts