ක්‍රීඩකයින් ගේ නිරෝධායනය ගැන ගම්මු කළබලයට

එල් .පී.එල්. තරඟාවලිය සදහා පැමිණි ක්‍රීඩකයින් තිදෙනෙකු රන්න කහඳාමෝදර ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ නිරෝධායනය සදහා රඳවා තැබීම පිළිබදව කහඳාමෝදර ප්‍රදේශවාසීහු කළබලයට පත්ව තිබුණි.

ප්‍රදේශවාසීන් පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානයක් බවට සදහන් කරන කිසිදු පුවරවක් ප්‍රදර්ශනය නොකොට මෙම සංචාරක හෝටලය තුළ නිරෝධායනය වෙන ක්‍රීඩකයින් නවතා ඇති බවයි.

මේ ප්‍රදේශය අයිති තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට. ඒ අය මේ ගැන දන්නෙත් නෑ . මේ සියළු දේවල් අධීක්ෂණය වෙන්නේ ඉහළ බලධාරීන් විසින්. ගමේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වරයා දන්නෙත් නැතිව ඇයි හොරාට මෙහෙම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවල තියෙන්නේ කහඳමෝදර ගම්මු ප්‍රශ්න කරති.

අපට නිරෝධායන වෙන කවුරු ගෙනත් හෝටලය තුළ රදවා තබා ගත්තත් කමක් නෑ. නමුත් මේ හෝටලයේ සමහර සේවකයින් ගම සමඟ සම්බන්ධ කම් පවත්වනවා.

එය ගමට අනාරක්ෂිතයි.ඒ නිසා අදාළ සංචාරක හෝටලය ඉදිරිපිට නිරෝධායන කරනු ලබන ස්ථානයක් බවට සදහන් කරන ලියවිල්ලක් ප්‍රදර්ශනය කරන්න කියල තමයි අපි කියන්නේ. ඇයි මේ ගමට හොරෙන් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවල තියෙන්නේ ගම්මු ප්‍රශ්න කරති.

තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ සංචාරක හෝටලය තුළ ක්‍රීඩකයින් තිදෙනෙක් නිරෝධායනය වෙන බවත් ඔවුන් පිළිබදව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් විසින් සොයා බැලීමක් කරන බවයි

අදාළ සංචාරක හෝටලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හෝටලය තුළ නිරෝධායන වෙන බව සත්‍යයක් බවයි. අප සිදු කොට තිබෙන්නේ නවාතැන් පහසුකම් ලබා දීම පමණයි.

ඔවුන් වෙනම ස්ථානයක රදවා තබා තිබෙනවා. කිසිදු හෝටල් සේවකයෙකුට එම ස්ථානයට යන්න අවසර නෑ.ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂාව පිළිබදව ප්‍රශ්නයක් නෑ.ඒ හැරත් කිසිදු සේවකයෙක් ගම සමඟ කිසිදු සම්බන්ධතාවයක් තබා ගෙන නෑ.

මෙම සංචාරක හෝටලය තුළ ඉන්දීය ජාතිකයෙකු කැනේඩියානු ජාතිකයෙකු හා පකිස්ථාන ජාතිකයෙකු සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

චන්ද්‍රසේන ගමගේ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….