ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු – ජන ව්‍යාපාරය කොළඹ විජේරාම මාවතේ පිහිටි අගමැති නිල නිවස ඉදිරිපිට ඊයේ (12 වැනිදා) දහවල් පැවැත්වූ උද්ඝෝෂණයට එක්ව සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරැව්වේ ජිනරතන හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ‘ඉසඩ් ලකුණු නිකුත් කිරීමේ දී අසාධාරණයට ලක් වූ සියලුම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම’ හා ‘අධ්‍යාපනයට වෙන් කර ඇති ප්‍රතිපාදන වැඩි කිරීම’ යන ඉල්ලීම් ඉදිරිපත් කරමින් මෙම සිසුහු උද්ඝෝෂණයේ යෙදුණහ. ඔවුන් උද්ඝෝෂණයේ යෙදුණේ ශබ්ද විකාශන යන්ත්‍ර ද උපයෝගී කර ගනිමිනි.
Read MoreDay: January 13, 2021
ජොන්ස්ටන්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයාට කොවිඩ්
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇත. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මෙම ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ චමින්ද කුලරත්නය. පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඔහු සමීපව ආශ්‍රය කළ පුද්ගලයන් කවුදැයි සොයා සීසීටීවී දර්ශන පරික්ෂා කිරීම ආරම්භ විය. සභානායක දිනේෂ් ගුණවර්ධනගේ ලේකම්, අතිරේක ලේකම් සහ සහකාර ලේකම්වරුන් සිව් දෙනෙකුද මේවන විට නිරෝධායනයට යොමු කර තිබේ.
Read Moreතෛයි පොංගල් උත්සවයට ජනතාව සුදානම්
හිංදු භක්තිකයන්ගේ වීශේෂිත ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය 14වන දිනට යෙදි ඇති අතර කොවිඩ් වසංගතය හමුවේ වුවද එම ආගමික උත්සවය සැමරිම සදහා වතුකර ජනතාව සුදානම් වන අයුරු දක්නට හැක. තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන සෞඛ්‍ය උපදෙස් මත වතුකරයේ හා හැටන් නගරයේ හිංදු කෝවිල්වල ඉතාමත් සිමිත පිරිසකගේ සහාභාගිත්වයෙන් පුද පුජා පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති බව හිංදු කෝවිල් කිපයක පුජකවරුන් පවසන ලදි. එමෙන්ම මෙම ප්‍රදේශයේ හිංදු භක්තිකයන් තම නිවෙස්වල සිට පුද පුජා පැවැත්විම සදහා පලතුරු හා පොංගල් බත ඉවිම සදහා අලුත් හට්ටි ගන්නා ආකාරයක්ද දක්නට…
Read Moreදැරියන්ට බරපතල ලිංගික අපයෝජනයන් සිදුකළ පුද්ගලයකු අත්අඩංගුවට
අධිකරණ නියෝග මත අනුරාධපුර අවන්ති දේවි බාලිකා නිවාසයේ රදවා සිටින දැරියන්ට යෝග ක්‍රියාකාරකම් හා මනෝඋපදේශන සේවා ලබාදිමට පැමිණ බාලවයස්කාර දැරියන්ට බරපතල ලිංගික අපයෝජනයන් සිදුකළ අමාත්‍යංශයක සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බව අගවගන්නා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස (25දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ අනුරාධපුර උදය මාවත ලිපිනයේ පදිංචි 45 හැවරදි විවාහක පුද්ගලයෙකි.ඔහු අමතර පන්ති ගුරුවරයෙකු මනෝවිද්‍යා උපදේශකවරයෙකු අධ්‍යාපන අමාත්‍යංශයේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ඇතුළු විවිධ තනතුරු නිර්මානය කරගෙන සිටින පුද්ගලයෙකි. අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ දරුවන්ට…
Read Moreපෘතුගාල ජනාධිපතිවරයාට කොරෝනා
පෘතුගාල ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත. පෘතුගාල ජනාධිපති කාර්යාලය සදහන් කර ඇත්තේ කෙසේ නමුත් ජනාධිපතිවරයාට මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බවය. 72 හැවිරිදි ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. එසේම ඔහු ජනවාරි 24 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ද ඉදිරිපත් වීමට සූදානමින් සිටියි.
Read Moreනීරෝධායන නීති කඩ කළ තවත් 24 ක් අත්අඩංගුවට
ගත වූ පැය 24 ට මුහුණු ආවරණ නොපැළදි පුද්ගලයන් 24 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි. තවදුරටත් අදහස් දක්වන ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 2462 ක් පමණ අත් අඩංගුවට ගෙන ඇති බවයි. මෙම පිරිස අතුරින් පුද්ගලයන් 2300 කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව ද සඳහන් වේ.
Read Moreපළාත් කිහිපයකට තද වැසි
උතුරු සහ උතුරු-මැද, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. තවද දකුණ, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. උතුරු සහ උතුරු-මැද පළාත්වල සුළගේවේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තද සුළං සහ…
Read More