මොඩර්නා එන්නත ලබාදීම කැලිෆෝනියා ප්‍රාන්තය අත්හිටුවයි

කොවිඩ්-19 මර්දන මොඩර්නා  එන්නත ලබාදීම අත්හිටුවීමට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. එන්නත ලබාගත් පුද්ගලයින් ආසාත්මිකතාවන්ට ලක්වීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව එරට බලධාරීන් පැවසීය. කැලිෆෝනියා හි රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ඇතුළු සෞඛ්‍ය අංශ විසින් විමර්ශන ආරම්භකර තිබේ.  

Read More

වීඩියෝ තාක්ෂණය මඟින් අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ආරම්භ වෙයි

law

කොවිඩ් වෛරසය හමුවේ වුවද රට තුළ අධිකරණ කටයුතු විධිමත්ව පවත්වා ගැනීමේ අරමුණ හා ඩිජිටල් තාක්ෂණය ඒ සඳහා යොදා ගැනීමේ ආරම්භයක් වශයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ඊයේ සිට සිදු විය. ඒ අනුව අභියාචනාධිකරණයේ අධිකරණ කාමර 205, 110, 107 යන කාමර වලදී මෙම කටයුතු ආරම්භ විය. මේ සදහා වැලිකඩ සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාර වල සිට අන්තර්ජාලය හරහා අවශ්‍ය සම්බන්ධතාවයන් සිදුකරන ලදී. මෙම ක්‍රියාවලිය Lanka Government Network යටතේ බන්ධනාගාර ස්ථාන 28 ක දැනටමත් ආරම්භ කර ඇත. මෙම නව පහසුකම මඟින් එම බන්ධනාගාරවල සිටින රැඳවියන් අභියාචනාධිකරණයට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත්…

Read More

අමෙරිකාවේ CIA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

US CIA chief resigns

අමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශ (CIA) අධ්‍යක්ෂ ජිනා හස්පෙල් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තම ධුර කාලය තුළ ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට ලැබීම පිළිබඳ තමා සතුටට පත්වන බව ද ඇය සිය නිවේදනයෙන් සඳහන් කර තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 708 දක්වා ඉහළට

නව කොවිඩ් ආසාදිතයන් අට දෙනකු 19වන දින සවස් වන විට වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 708 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරින් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එක් නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්ථාවි ඇති කොවිඩ් ආසාදිතයන්ගෙන් දෙසිය හැත්ත එකක් (271) වාර්ථාවි ඇත්තේ අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් බවත්ය. එයින්ද කොවිඩ් ආසාදිතයන් අසු අට දෙනකු (88) වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් වාර්ථාවි ඇති බවත් අන් පිරිසෙන්ද වැඩි පිරිසක් වතු ආශ්‍රිතව වාර්ථාවි ඇති බවද ඔහු පවසන ලදි. මෙසේ හමුවු…

Read More

ගේබ්‍රියල් බාලිකා විදුහලේ සිසුවියන් දෙදෙනකු දික්ඔය රෝහලට

හැටන් ශා/ ගේබ්‍රියල් බාලිකා විදුහලේ සිසුවියන් දෙදෙනකුට උණ රෝගය වැලදිමත් සමග ඇතිවු සැකයක් මත එම සිසුවියන් දෙදෙනා දික්ඔය මුලීක රෝහලට ඇතුලත් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. මෙම සිසුවියන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ සිට පසු ගිය 12 හා 15 යන දිනවලදි මෙම විදහල ආසන්නයේ පවත්වාගෙන යන කාන්තා නේවාසිකාගාරයට පැමින ඇති බවත් එම තත්වයන් මත මෙම සිසුවියන් දෙදෙනාට කොවිඩ් 19 ආසාදිතවි ඇද්ද යන්න පිලිබදව සොයා බැලිම සදහා රැපිඩ් ඇන්ටජින් පරික්ෂාවක් සිදු කිරිමට මෙම සිසුවියන් දෙදෙනා මෙසේ  දික්ඔය මුලීක රෝහලට ඇතුලත්…

Read More

විනය කඩකල පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් වෙයි

police

හෙරොයින් ජාවාරමේ නිරතවු පොලිස් පරික්ෂකවරයෙකු හා ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ වහාම අත්අහිටුවීමට උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ. අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරි‍ෙමහතාගේ අධික්ෂණයේ පැවති කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චින්තක කොරළේගෙදර මහතා හෙරොයින් ජාවාරමේ නිරතවිමේ චෝදනාවට පොලිස් අත්අඩංගුවට පත්විමෙන් පසුව ඔහුගේ සේවය වහාම අත්හිටුවිමට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පියවර ගෙන තිබේ. ඊට අමතර අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනියුක්තව අනුරාධපුර අධිකරණ පොලිස් මුරපොලේ සේවයේ නිරතවෙමින් සිටි පොලිස් සැරයන් බණ්ඩාර 47584 යන අය බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවර සිදුකිරිමේ…

Read More

පදිකවේදිකාවේ රෙදි හොරා මාට්ටු

මහරගම, පමුණුව ප්‍රදේශයේ හා හයිලෙවල් මාර්ගය අද්දර පදිකවේදිකාවේ වෙළඳාම් කටයුතු සිදුකරන ජංගම වෙළඳ ව්‍යාපාරිකයින් විකිණීම සඳහා රැගෙන එන නිමි ඇඳුම් හා රෙදිපිළි  කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කරන බවට ලැබුණු පැමිණිලි රාශියක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශනයේදී සැකකටයුතු පුද්ගලයෙක්  අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය. අත්අඩංගුවට පත්වූ  පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 150ක් සොයාගත් බවත් මෙම පුද්ගලයා මහරගම පොලිස් ස්ථානය වෙත රැගෙන විත් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී පමුණුව ප්‍රදේශයේ ජංගම වෙළඳුන්ගෙන් හා පදික වෙළඳුන්ගෙන්  සොරකම් කරන ලද රෙදිපිළි තොගය පිළිබඳව සුලමුල සොයා ගැනීමටත් හැකිවූ බව පොලීසිය පැවසීය.…

Read More

සංස්කෘතික දේශපාලනය අමතක කිරීම අපිට වරදින්න එක හේතුවක්

”අපි දීර්ඝ කාලයක් යුද්ධයක් එක්ක පැටලී සිටිය ජාතියක්. ඒ වගේම අපි ජාතිය මත පදනම්ව සියලු ප්‍රශ්න දිහා බලමින් ඉන්න ජාතියක්. මේ සියල්ල විසින් ප්‍රචණ්ඩ මනුස්සයෙක් නිර්මානය කරලා තිබෙනවා, ඒ මනුස්සයා සුවපත් කිරගන්නේ කොහොමද කියන එක ගැන අපි කවුරුවත් හිතන්නේ නෑ.ඒ ගැන සංවාදයකුත් නැහැ” සංජය ඈපා සෙනෙවිරත්න විඩියෝව

Read More

වනරාජ වතුයායෙන් කොවිඩ් ආසාදිත ළදරුවෙක්

වනරාජ වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත ළදරුවා සමග මස්කෙළිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 49 හදුනාගෙන  ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි. චන්ද්‍රරාජන් මහතා පවසයි. මෙසේ හමුව ඇති ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු ආශ්‍රිතව හමුව ඇති බවත් එයින්ද වැඩි පිරිසක් කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට පැමිනි පිරිස් බවද ඔහු පවසන ලදි. එමෙන්ම පසු ගිය දින කිපය තුලදි පුද්ගලයන් 50 දෙනකු පමන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් එසේ පි. සි.ආර්. පරික්ෂාවන්ට ලක් කරන ලද…

Read More

තවත් සිසුන් හතර දෙනකුට හා ගුරුවරියකට කොවිඩ්

හැටන් හයිලන්ඩ් විදුහලේ අධ්‍යාපනය හදාරන තවත් සිසුන් හතර දෙනකු හා ගුරුවරියක් කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. පසු ගිය දිනක මෙම විදුහලේ 10 සී ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමෙන් පසු එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත් සිසුන් 42 හා ගුරුවරියන් හතර  දෙනකු ස්වයං නිරෝධානයන්ට ලක් කර එම අය පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගත් බවද මැදවෙල මහතා පවසන ලදි. එසේ ගන්නා ලද පි. සි. ආර්. වාර්ථා 20වන දින වන…

Read More