එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ

එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 13 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ යයි. ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 713 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 77,897 දක්වා ඉහළ යයි.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයයට 87ක් ණය

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයයට 87ක් ණය

මේ රටේ ප්‍රධානම ප්‍රශ්නය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයයට 87ක් පමණ වූ ණය බරක් දැරීමට සිදු වීම බවත් එය 2025  වන විට සියයට 75 දක්වා අඩු කිරීම සඳහා දේශිය නිෂ්පාදන වැඩි දියුණු කළ යුතු බවත් බතික් හා පේෂ්කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවසයි.ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව නවනගරය හා බැඳිවැව යන ප්‍රදේශවල ආරම්භ කළ…

මේක ඇවිල්ල ඩොලර් උල්පතක්!

මේක ඇවිල්ල ඩොලර් උල්පතක්!

විශේෂයෙන්ම අද වෙද්දි ලෝකෙ බොහෝ නැව්වලින් containers පහළොස්දාහක් විසිදාහක් අරන් එනවා. නැගෙනහිර පර්යන්තය මීටර දහ අටක් ගැඹුරයි. එතනට ඕනෑම නැවක් අල්ලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 2029 දී නැගෙනහිර පර්යන්තයට එහා පැත්තේ තිබෙන SAGT  ජෝන් කීල්ස්ලගෙ ජැටියත් අපට අයිති වෙනවා. එහෙම අයිති උනාම මේ පෝර්ට් එක සම්පූර්ණයෙන්ම අපිට බැක් ටු බැක් මෙහෙයුමක් කරන්න පුළුවන්. මොකද ඒ…

දූපත් 3ක් චීනයට දෙන්න යන කතාවේ ඇත්ත, නැත්ත

දූපත් 3ක් චීනයට දෙන්න යන කතාවේ ඇත්ත, නැත්ත

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරිමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ් යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරිම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්ෆ්ට්  හා අනලතිව් යන දූපත් දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරිම සඳහා ජාත්‍යන්තරව ලංසු කැඳවා තිබුණි….

නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් 1147 දක්වා ඉහළට

නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් 1147 දක්වා ඉහළට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 16 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1147 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් හමුව ඇති බවත් එය 496…

තවත් කොරෝනා රැල්ලක පෙරනිමිති – අනතුරු ඇඟවීම්

තවත් කොරෝනා රැල්ලක පෙරනිමිති – අනතුරු ඇඟවීම්

ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්ෂිතව සහ නොසැලකිලිමත් අන්දමින් කටයුතු කළහොත් මේ වනවිට රට තුළ පවතින තත්ත්වය හමුවේ අනිවාර්යෙන්ම කොරෝනා රැල්ලක් නිර්මාණය වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. බි‍්‍රතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය මෙරටද හඳුනා ගැනීමත්, දැනටමත් කොළඹ නාගරික සීමාවෙන් නව වෛරසය ආසාදිතයින් දෙදෙනකු වාර්තා වීමත් සමග මෙවන් භයානක තත්ත්වයක් ඇති වීමේ පෙරනිමිති පහළ…

මාස 4ක බබෙක් කොරෝනා හැදී මරුට

මාස 4ක බබෙක් කොරෝනා හැදී මරුට

කොවිඞ් 19’ ආසාදිතව මාස හතරක වයසැති බිලිඳකු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේදී මරණයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ මහනුවර නුගවෙල පදිංචි අමෝද්‍ය සන්දීප කරුණාසිංහ නමැති බිලිඳකු බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි. පසුගිය 12 වැනිදා මෙම දරුවාට මාස හතරේදී ලබා දෙන එන්නත තිත්තපජ්ජල රෝහලේදී ලබා දී ඇත. ඉන්පසු උණ සමග හුස්ම…

වසර 5,000 ක් පැරණි බියර් නිෂ්පාදනාගාරයක්

වසර 5,000 ක් පැරණි බියර් නිෂ්පාදනාගාරයක්

වසර 5,000 ක් පැරණි බියර් කර්මාන්ත ශාලාවක් පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි ඊජිප්තුවේ සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය සදහන් කරයි. පුරාණ ඊජිප්තු නගරයක් වන අබිඩොස්හිදී ( Abydos ) මෙම බියර් කර්මාන්ත ශාලාව සොයා ගෙන ඇති බවයි. බියර් කර්මාන්ත ශාලාව තුළ වරකට බියර් ලීටර් 22,400 ක් පමණ නිපදවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.