Day: February 28, 2021
පටන් ගත්තු ගමේවත් සාර්ථකවෙලා නෑ
ශ්‍රී ලංකාව මානව හිමිකම් රකිනවා – චීනය
රාජ්‍යයන්ට මැදිහත්වීමට හා දේශපාලන අරමුණු සඳහා මානව හිමිකම් යොදා ගැනීම ගැන දැඩි විරෝධය පළකරන බව චීනය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරැකීමට හා සමාජ සංවර්ධනයට කැපවී සිටින බව චීනය කියා සිටී. චීනයේ බෙයිජිං නුවර ඊයේ පැවති විදේශ අමාත්‍යාංශ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් මෙහෙයුම ගැන ප්‍රශ්න කෙරිණ. ඊට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැංග් වෙන්බිං කියා සිටියේ රටේ මානව හිමිකම මෙන්ම ආර්ථික හා සමාජ සංවර්ධනය, ජාතික සංහිදියාව, ත්‍රස්තවාදය පිටුදැකීම හා බලපෑමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම අතින් ශ්‍රී ලංකා රජය ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කරන බවයි. ජිනිවාහි…
Read Moreඉම්රාන් ඛාන් ආව ගමන් භූගත ජල මට්ටම පහලට
කොරෝනා මෘත දේහ භූමදානය සඳහා අවසර දීමට සිදුවූයේ පාකිස්තාන අගමැති වරයාගේ පැමිණීම හා ජාත්‍යන්තර බලපෑම නිසා බව ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි. තාක්ෂණික කමිටු, විද්‍යාඥ මත, භූගත ජල මට්ටම ආදිය මේ අවස්ථාවේදී බලපා නැතැයිද නැතැයි ද ඔහු පැවසීය. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.
Read Moreදෛනික කොවිඩ් ආසාධිතයන් එක වරම ඉහලට
ගත වූ පැය 24 තුල හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425ක් වේ. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,855ක් දක්වා ඉහළගොස් තිබේ. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,373කි.
Read Moreකොවිඩ් ආසාදිතයෙකු නිසා නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර වසා දැමේ
කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නුවර සතියක කාලයක් වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔක්ලන්ඩ් නුවරින් නව කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීම හේතුවෙන් එම පියවර ගත් ගෙන තිබේ.
Read MoreUltimate Tag තරගයට එක්වූ ලාංකිකයා
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙන බව වාර්තා වෙයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි. වේගය මත පදනම් වූ “Ultimate Tag” නම් මෙම රියලැටි වැඩසටහනට ඕස්ට්‍රේලියාව අයදුම්කරුවන් 3000 කට ආසන්න පිරිසක් වූ අතර සිඩ්නි නගරයේ පැවති තරගයට සහභාගිවීමට අවස්ථාව උදාවූ සිය ගණනක් පිරිස අතර ටනිල ද වීම සුවිශේෂී කරුණකි.
Read Moreකොළඹ ජනතාවගෙන් ඉල්ලීමක්
පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ මෙන්ම ඉන් පිටත ප්‍රදේශ වෙත ලබාදෙන පානීය ජලය තවදුරටත් අඩු පීඩනයක් යටතේ ලැබිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. නමුත් පවතින කාලගුණ තත්ත්වය යටතේ ජලය කප්පාදුවක් සිදුකිරීමට මේ මොහොතේ කිසිඳු අවධානයක් යොමුවී නොමැති බව එම මණ්ඩලය සදහන් කරයි. කලටුවාව ජලාශයේ ජල මට්ටම අඩි 30 කින් පහත වැටී ඇති නිසා මීපේ, පාදුක්ක, හෝමාගම, මහරගම ඇතුළු කොළඹ තදාසන්න නගරවල ජනතාවගෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද, කලටුවාව ජල සම්පාදන ක්රමයේ කාර්ය භාර නිලධාරී මාධව ලලිත් අමරතුංග මහතා ඉල්ලීමක් කරයි.
Read Moreණයට දුම්වැටියක් ඉල්ලා නොදුන් නිසා පිහි පහර
දුම්වැටියක් ලබා නොදීමට උරණ වු පුද්ගලයෙක් තලවකැලේ නගරයේ ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර තිබේ. තියුණු ආයුධයෙන් පහර දී ඇති පුද්ගලයා කරනවෑමියෙක් වන අතර, තුවාල ලැබු ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට ද අලාභහානි සිදුකර ඇතැයි තලවකැලේ පොලීසිය පැවසීය. අධික ලෙස බීමත්ව සිට ඇති කරනවෑමියා වෙළෙඳසැලට ගොස් ණයට දුම්වැටියක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. පසුව ව්‍යාපාරිකයා විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් සමග තියුණු ආයුධයක් ගෙන පහර දී ඇත. තුවාල ලැබු ව්‍යාපාරිකයා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
Read More