ස්වාභාවික මරණයක් නිවසක් තුළ සිදුවුවහොත් දැන් කළ යුත්තේ කුමක්ද?

flower

අපරාධයකින් හෝ හදිසි අනතුරක් නොවන ස්වාභාවික මරණයක් නිවසක් තුළදී සිදු වුවහොත් මීට පෙර පැවති ක්‍රමය වන්නේ මරණය පිළිබඳව අදාළ වසමේ ග්‍රාම නිලධාරී වෙත දැනුම්දීමයි. එවිට ග්‍රාම නිලධාරීවරයා මරණය සිදුවූ ස්ථානයට පැමිණ දේහය පරීක්ෂාකර බලා ඥාතීන්ගෙන් කරුණු විමසා මරණය පිළිබඳ සැකයක් නොමැත්තේ නම් තාවකාලික මරණ වාර්තාව නිකුත් කරනු ලබයි. එම වාර්තාව ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත භාර දී මරණය ලියා පදිංචි කර මරණ සහතිකය ලබා ගත හැකිය. වැඩිහිටි ඥාතීන් නිවසේදීම මියගිය අවස්ථා රැසකදී මේ ක්‍රමය අනුගමනය කර අත්දෑකීම් ලබා තිබුණ ද, පසුගිය දිනෙක පවුලේ වැඩිහිටියකුගේ මරණය නිවසේදී සිදු වූ අවස්ථාවේදී…

Read More

හැටන් බැංකු, උගස් මධ්‍යස්ථාන සහ පුලියාවත්ත වැසේ

bankclose

හැටන් නගරයේ පවත්වාගෙන යනු ලබන පුද්ගලික බැංකු ශාඛාවක හා උගස් මධ්‍යස්ථාන ශාඛාවක දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමත් සමග එම ආයතන දෙක වසා දැමිමට උපදෙස් දුන් බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මෙම පුද්ගලික බැංකු ශාඛාවේ ආරක්ෂක නිලධාරියකුට හා උගස් මධ්‍යස්ථානයේ අයකුද කොවිඩ් ආසාදිතයන් ලෙසට වාර්ථා විමත් සමග මෙම ස්ථාන දෙක මෙසේ වසා දමා එහි සේවක පිරිස ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා පවසන ලදි. මෙම ආයතන දෙක විෂබීජ හරණයට ලක් කර වෙනත් සේවක පිරිසක් යොදවා එම ආයතන දෙක නැවත විවෘත කිරිමට හැකි…

Read More

බගවන්තලාව, ඉන්ජස්ට්‍රි ඇතුළු තවත් ග්‍රාම නිලධාරි වසම් හුදකලා වෙයි – නුවරඑළියෙන් ආසාදිතයන් 1981ක්

corona-quarantine

බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වතු දෙකක ග්‍රාම නිලධාරි වසම් දෙකකින් අලුතින් කොවිඩ් ආසාදිතයන් 28 දෙනකු හමුවිමත් සමග එම ග්‍රාම නිලධාරි වශම් දෙක හුද කලා කිරිමට අවශ්‍ය පියවර ගත් බව බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් ඉන්ජස්ට්‍රි වතුයායේ හා හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් ෆෝඩයිස් වතුයායේ ග්‍රාම නිලධාරි වශම් දෙකක් මෙසේ හුදකලා කිරිමට පියවර ගත් බවත්ය. මෙම ග්‍රාම නිලධාරි වශම් දෙක තුල කරන ලද පි. සි.…

Read More

දරුවාට පහර දීමෙන් විඳවන්නේ ඔබමය…!

ඇතැම් අවස්ථාවල දෙමාපියන් විසින් තම දරුවාට හෝ දරුවන්ට කෝටුවකින් හෝ අතින් පහර දෙන අවස්ථා කොතෙකුත් ඇත. ඒ අප අපේක්ෂිත චර්යාවක් දරුවා නොකිරීම හෝ අප අනුමත නොකරන චර්යාවක් කිරීම නිසා වේ. මන්ද ඔහුගේ හෝ ඇයගේ හැසිරීම , ක්‍රියාව නිවැරැදි කිරීමට භාවිතා කළ හැකි අවසාන පිළියම පහර දීම බව අප විශ්වාස කිරීම සහ අප විසින් කුඩා කළ පාසලේදී හෝ නිවසේදී අත්දැකීමෙන් එය උගත් නිසාවෙනි. නැතහොත් පහර දීමෙන් දරුවාගේ හැසිරීම් පාලනය කිරීම වඩාත් පහසු ලෙස අප සිතන නිසාත් අනෙකුත් මනෝ විද්‍යාත්මක ක්‍රම භාවිතා කිරීමට යන කාලය සහ කැපකිරීමට අප දක්වන අලස කම සහ…

Read More

ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියා ආවොත් වසර 5ක සිර දඬුවම්

australiya

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, පසුගිය දින 14 ඇතුළත ඉන්දියාවේ සිට ආපසු පැමිණෙන කිසිම ඕස්ට්‍රේලියානුවකු එරටට බාර නොගන්නා බවත්, ඉන්දියාවේ සිට වෙනත් රටවල් හරහා ඕස්ටේලියාවට පැමිණීමට කටයුතු කරන්නේ නම්, එවැනි පුද්ගලයන්ට පස් වසරක සිරදඩුවමක් නියම වනු ඇති බවත් ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් සඳහා තහංචි පැනැවීම ආරම්භ වන බව ඕස්ට්‍රෙලියා සෞඛ්‍ය ඇමැති ග්‍රෙග් හන්ට් පවසා ඇත. මෙසේ තහංචි පැනැවීමක් කළ ද ඉන්දීය කොරෝනා වසංගතය හමුවේ එරට කොටුවුණු ඕස්ටේලියානුවන් විශේෂ ගුවන් යානා යොදා ගනිමින් ගෙන්වා ගෙන, ඔවුන් රටට ඇතුළු කර ගැනීමට පෙර දින 14 ක විශේෂ නිරෝධායනයකට යොමු කිරීමට ද සැලසුම් සකස්…

Read More

සැඟවුණු අමුත්තා එළියට

sagauna

ගෝලීය කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳව සලකද්දී අසල්වැසි ඉන්දියාව මේ වන විට රටේ මහජන සෞඛ්‍ය පද්ධතිය බින්දුවටම තල්ලු වී සිටින බව එරට සෞඛ්‍ය අංශ පවසයි. දැන් ගෙවෙමින් තිබෙන සෑම දිනකම කොවිඩ් ආසාදිතයන් 400,000 ක අධික ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වෙමින් තිබේ. එවන් ගැඹුරු ආපදා තත්ත්වයක් කරා තල්ලු වී සිටින ඉන්දියාව, එම තත්ත්වයට පත්වීමේ පදනම ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳවද පූර්වකථනයක් ලබා දෙයි. ලංකාවේද අලුත් අවුරුදු සමය අවසන් වන විට, රටේ පොදු ජනතාව අතර කොවිඩ් ව්‍යාප්තියේ අසුබවාදී ශීඝ්‍ර වෙනසක් සිදු වන බවටත්, එය රටේ සෞඛ්‍ය අංශවලට අසීරු එකක් වනු ඇති බවටත් අනුමාන කිරීම් බොහෝය.…

Read More

මේ අවසානය, මිත්‍යාවේ අවසානයක ආරම්භය වේවා !

mithyawa

අද අප ජීවත් වන්නේ මිත්‍යාවෙන් වෙලී ගත් රටකය. අවිද්‍යාව රජයන රටකය. දැනුමට ගරහන රටකය. අප රටේ බහුතරය බෞද්ධයෝය. බුදුදහම මිත්‍යාවන් හා අවිද්‍යාවන් එකහෙළා ප්‍රතික්ෂේප කල දහමකි. එනමුත් අප රටේ බහුතරයක් මිත්‍යාවෙන් සත්‍යයයත්, අවිද්‍යාවෙන් විද්‍යාවත් වෙන්කොට හඳුනාගත නොහැකිව අඳුරේ ජීවත් වෙති. මෙම අඳුර වැඩිවන බවක් මිස ආලෝකයක සලකුණක් හෝ පෙනෙන්නට නැත. ඉන්දියාව, චීනය වැනි අප හා සමාන ඉපැරණි ඉතිහාසයන් ඇති පෙරදිග රටවල් පසුගිය දශක කිහිපය තුල අත්කරගෙන ඇති ප්‍රගමනය අති විශාලය. අද එම රටවල් බටහිර රටවල්ද අභිබවා ඉදිරියට ඇදෙයි. ඔවුන් එසේ ඉදිරියට ඇදෙන අතර, අප පමණක් හිටි තැනමය. මීට දශක කිහිපයකට…

Read More

කොවිඩ් වසංගතය හා දක්ෂිණාංශික දේශපාලනය

Covid epidemic and right-wing politics

දේශපාලනයේදී බොර දියේ මාළු ඇල්ලීම යනුවෙන් හැඳින්වෙන්නේ රටක පවතින අර්බුදකාරී ත්ත්වය ප්‍රයෝජනයට ගෙන දේශපාලන බලය අත්පත් කර ගැනීමට කරන උත්සාහයයි. මෙය බොහෝවිට රැඩිකල් දක්ෂිණාංශ මෙන්ම රැඩිකල් වම ද ප්‍රයෝජනයට ගනු ලබයි. අද වන විට වසරකට වැඩි කාලයක් ගතවී ඇති කොවිඩ් වසංගතය, වසර සියයක පමණ කාලයකදී ලෝකයම මුහුණ දුන් විශාලතම සෞඛ්‍ය අර්බුදය බවට පත්ව ඇත. මීට වසර සියයකට ඉහත දී ස්පාඤ්ඤ උණ නමින් හැඳින් වූ වසංගතයෙන් පසු මිනිස් සංහතිය මුහුණ දෙන ප්‍රථම ගෝලීය වසංගතය මෙයයි. ආරම්භයේදීම විවිධ රටවල් එක් එක් ආකාරයේ උපක්‍රමයන් තුළින් මෙම රෝගය දමනය කිරීම උත්සාහ කළ නමුත් මේ…

Read More

රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප

රටක  ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක් නොමැති අවස්ථා වලදී පවා  පාරිභෝගිකයා හෙවත් තමන්ගේ භාණ්ඩ හෝ සේවා හෝ ලබාගන්නා තැනැත්තාට ප්‍රමිතියෙන් ඉහළ දෙයක් දීම සාමාන්‍ය මනුෂ්‍ය ගුණධර්ම අනුවද අත්‍යවශ්‍ය දෙයකි. සමහර ව්‍යාපාරිකයන් තරඟ කරන්නේ පාරිභෝගිකයා සමඟය. පාරිභෝගිකයා ගෙන් වැඩිම ලාභයක් ලබන්නේ කෙසේදැයි ඔවුහු කල්පනා කරති. මෙය ඉතාම කෙටි කාලීන ක්‍රියාවකි. ලෝකය පවතින්නේ දීම සහ ගැනීම මතය. රාජ්‍ය සේවකයා සිය සේවය ජනතාවට දී වැටුප් රජයෙන් ලබා ගනී. …

Read More