දිව්‍යමය ඇඳුම් කුලියට දීම – දේව දූතයන් ගැන අප්‍රකට කතා

diwyamaya

‘දේව දූතයා’ යන නම ඇසීම පවා අප කාගේත් සිත් වලට ප්‍රිය උපදවන්නකි.දෙවියන්ගේ හෙවත් දිව්‍යමය පණිවිඩ මනු ලොව වෙත රැගෙන එනු ලබන්නෝ දේව දූතයෝ ලෙස හැඳින්වෙති. දෙවියන් වහන්සේගේ පණිවුඩ මිනිසුන් වෙත රැගෙන එන ස්වර්ගීය පණිවුඩකරුවකු පිළිබඳව බයිබලයේ සඳහන්ය. ‘ගේබ්‍රියෙල්’ යනු බයිබලය මගින් ප්‍රකට වූ එවන් පණිවුඩකරුවෙකි.මයිකල් යනුවෙන් ද බයිබලයේ ප්‍රකට දේව දූත චරිතයක් තිබේ. දේව දූතයා යන්න හැඟවෙන පැරණි ග්‍රීක භාෂාවෙහි එන Angelos යන්න පසුව Angel ලෙසින් ඉංග්‍රීසි බසට නැංවී තිබේ. ක්‍රිස්තියානි  ඉස්ලාම් සහ යුදෙව් යන ඒක දේවවාදී ආගම් විසින් පැරණි ආගමික විශ්වාසයන් තුළ පවතින මෙම මානව විද්‍යාත්මක සංකල්ප වලට ආගමික…

Read More

මැණික් මුට්ටියක් ගොඩගන්න ගිය පස් දෙනෙක් අත්අඩංගුවට

arrest search

රජසමයේ නිධන් කර ඇති බව කියනා මැණික් මුට්ටියක් ගොඩගැනීමේ අරමුණින් පෞද්ගලික ඉඩමක අක්‍රමවත් කැනීමක් සිදුකරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් විසින් (5දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබි යතුරු පැදියක් යකඩ ඉනි දෙකක් උදළු තුනක් හා බාල්දියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.සැකකරුවන් නිදන් සෙවු ස්ථානයේ කිසිදු පුරාවිද්‍යා සාධකයක් පෙනෙන්නට නොපෙනුනත් ඒ ආසන්නයේ පුරාවිද්‍යා සාධක සහිත රජමහා විහාරස්ථානයක් ඇති බව පොලිසිය පවසයි. අනුරාධපුර පොලිස්වසමේ සාලියපුර ජයන්ති ග්‍රාමයේ නිවසක පිටුපස නිදන් සොයා කැනීමක් සිදුකරනා බවට පොලිස් නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර නිවෙස් හිමියා මුදල්…

Read More

ගම්පහ කොවිඩ් ආසාදිතයින් 400ක් නිවෙස්වල – ප්‍රදේශ කිහිපයක් හුදකලා වෙයි

covid infections today

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර්.පරීක්ෂණ තුළින් කොරෝනා ආසාදිත බව තහවුරු වූ 400 ක් පමණ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නොහැකිව ඔවුන්ගේ නිවාස සහ නේවාසිකාගාර වලම දින කීපයක සිට රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි. එහිදී මෙම ආසාදිතයන් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් නොමැති වීම මේ සදහා හේතු වී ඇති බව ද වෛද්‍ය ආරියරත්න මහතා පැවසීය. ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ 6,866 ක ප්‍රතිඵල වාර්තා මේ වනතුරු ලැබී නොමැති බව ද වෛද්‍ය නලීන්…

Read More

අනුරාධපුරයේ රෝගීන්130කට ආසන්න පිරිසක් නිවෙස් වල – සිවුදෙනෙකු ජීවිතක්ෂයට

corona

කොවිඩ් 19 වෛරසයේ තෙවන රැල්ල හේතුවෙන් වෛරසය ආසාධනයවීමෙන් දින දෙකක කාලය තුළදි රෝගීන් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්වු බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. අනුරාධපුර මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කුලියාපිටියේ පදිංචිකරුවෙකු පෙරේදා (5දා) රාත්‍රීයේ ජීවිතක්ෂයට පත්වි තිබේ.ඊට අමතරව ගලෙන්බිදුණුවැව රාජංගනය සිරිමාපුර හා තිරප්පනය ප්‍රදේශ පදිංචිකරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට 4 හා 5 දිනයන්හිදී මරණයට පත්වි තිබේ. සිදුකරන පරික්ෂණ හමුවේ කොවිඩ් ආසාධිතයන් විශාල වශයෙන් හමුවන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරන අතර මිහින්තලය කුරුන්දන්කුලම ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාධනයවූ මවක හා පුතෙකු (6දා) හමුවු බව සෞඛ්‍ය අංශ පවසයි. ඊට අමතරව මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ…

Read More

කොවිඩ් මාර්ගෝපදේශ ප්‍රායෝගික නොවන අවස්තාවක්

ඊයේ (06)  දුම්රිය කිහිපයක් අවලංගු කිරීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන් බවට ජනතාව චෝදනා කරයි. දුරගමන් දුම්රිය වාර අවලංගු කිරීමෙන් අනතුරුව දුර ගමන් සඳහා බස් රථ භාවිතා කරන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් ඉන් අනතුරුව ලංගම බස් ධාවනය අඩු කිරීමෙන් අනතුරුව ජනතාව බස් රථවල සිරවී ගමන් කරන බවටත් ජනතාව චෝදනා කර සිටියි. කොවිඩ් මාර්ගෝපදේශ පණවා ඇති නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට මෙම තීරණ හේතුවෙන් නොහැකි බව ජනතාව පෙන්වා දෙයි.

Read More

ජිවිතයක් අහිමි කල බණ්ඩක්කා

bandakka

සිය ගොවි බිමේ බණ්ඩක්කා වගාවක අස්වනු නෙලීමට ගිය ගොවි මහතෙකු වගා බිමට  අනවසරයෙන් ඇද තිබූ  අධිබල විදුලි ‍රැහැනක වැදී  පෙරේදා (05) සවස මියගොස් ඇතැයි බකමූණ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ඇළහැර,කුඩාගම,අංක 359 හි පදිංචිව සිටි කේ.ජී.අනූෂ ප්‍රියන්ත පුෂ්පකුමාර (46) නම් දෙදරු පියෙකි. පොලිසිය පවසන අන්දමට පෙරේදා (05) සවස මියගිය අය වෙනත් පුද්ගලයෙකුගෙන් ඉල්ලාගෙන වගා කළ ගොවි බිමක බණ්ඩක්කා අස්වනු නෙලීමට ගොස් ඇති අතර එම අස්වනු නෙලන අතරතුර අනවසර විදුලි ‍රැහැනක පැටලී  අනතුරට ලක්ව ඇත. මෙම අනවසර විදුලි ‍රැහැන ඇද තිබුණේ කවුරුන් විසින්ද  යන්නත් ඉද්ධිය සම්බන්ධයෙනුත් පුළුල් පරික්ෂණයක් අරඹා ඇතැයි බකමූණ…

Read More

සුදේව, කිංස්ලි ඇමැති කෙහෙළිය සමග මාධ්‍ය සාකච්ඡාවක

සෞභාග්‍යයේ දැක්මෙහි ඇතුළත් මාධ්‍ය ප්‍රතිපත්ති හා එහි ඉදිරි කටයුතු පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ යෝජනා මෙන්ම රජයේ සංවර්ධන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ. මාධ්‍ය ලේකම් සංසදයේ ඉල්ලීම පරිදි එම සාකච්ඡාව පවත්වා ඇත. සෞභාග්‍යයේ දැක්ම ඔස්සේ මාධ්‍යවේදීන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් වන කරුණු මෙන්ම ඔවුන්ට පවතින ගැටළු කෙරෙහිද මෙහිදී අවධානය යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ. එම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී.විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, ජනාධිපති මාධ්‍ය…

Read More

ගබ්සා බේත් වික්ක හොර දොස්තරට ඇමක් දායි

gabsabeth

නිට්ටඹුව නගරයේ කාලයක් තිස්සේ ගබ්සා සදහා, යොදාගන්නා බෙහෙත් හොර රහසේ අලෙවි කළැයි කියන දොස්තර “චමිල්“නමැති අනවර්ථ නමකින් පෙනී සිටින හොර වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය කියයි. නිට්ටඹුව පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක ගැබිනියකසේ වෙස් වලාගෙන ගොස් රුපියල් විසිපන් දහසකට අලෙවි කරන ගබ්සා බෙහෙත් හොර වෛද්‍යවරයාගෙන් ලබා ගත් අවස්ථාවේදී ඒ අසල සැඟවී සිටි තවත් පොලිස් නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බවද පොලීසිය කිය. කලකට පෙර නිට්ටඹුව නගරයේ හොර රහසේ පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක මොහු වසර ගණනාවක් තිස්සේ සේවය කර ඇති තැනැත්තකු බවට මූලික පොලිස් පරික්ෂණවලදී හෙළි වී තිබේ. එම ගබ්සා මධ්‍යස්ථානය…

Read More

පියාගේ දැවෙන සෑයට දියණියක් පනියි

india-corona-death

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය තම පියාගේ සෑයට පැන දරුණු ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇති දියණියකගේ ඛේදජනක සිදුවීමක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 34 හැවිරිදි වියේ පසුවන ඇය ආදාහනය අතරතුර සිය පියාගේ අවමංගල්‍ය කුළුණ මතට පැන ඇති බවයි. Damodardas Sharda නම් , 73 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදිතව මිය ගිය මෙම පුද්ගලයාගේ බාල දියණිය මෙසේ අවමංගල්‍ය කුළුණ මතට පැන ඇති අතර ඇය මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහලකට යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Read More