කොරෝනාවට අමතර තවත් ආපදාවක් අත ළඟ

ලොවටම තර්ජනයක් වී ඇති කොවිඩ් වසංගතය පිළිබඳ අප කාගේත් අවධානය යොමුවී තිබීම පුදුමයක් නොවේ. ඒ එමගින් මිනිස් ජීවිත කෙරෙහි එල්ල වන කුරිරු අවදානම නිසා ය. එහෙත්, මිනිස් ජීවිත වලට පමණක් නොව අප සතු දේපලවලට සේම සතා, සීපාවාටත් ගහකොළ වලටත් බිහිසුණු විපත් අත් කරවන යුගයක් මේ වන විට අප ඉදිරියට පැමිණ තිබේ. එය ද කොරෝනාව තරමටම අපගේ අවධානය යොමු විය යුත්තකි. දැනට අප දිවයින අවට වර්ධනය වන කාලගුණ සාධක වලට අනුව මේ මස සතර වන සතිය තුළ නිරිත දිග මෝසම් සමයේ කාලගුණ තත්වයන් වර්ධනය වන බවට කාලගුණ විද්‍යා අංශ වලින් පැවසේ.…

Read More

කොරෝනා ‘හෙල ඔසුව’ අනුමතයි

waharaka-paniya

කොරෝනා වෛරස ශරීරගත වූ පුද්ගලයන් සඳහා ‘වහරක හෙල ඔසු’ විසින් පැණියක් අඳුන්වා දී තිබේ. දේශීය වෛද්‍ය අනිල් කාර්යවසම් මහතා පවසන්නේ ආසාදිතයකු වරකට තේ හැන්ද බැගින් අවස්ථා 05කදී මෙය පානය කල යුතු බවයි. මෙම ඖෂධය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ද ලැබී ඇත. අවුන්සයකින් යුතු යුතු මෙම පැණි කුප්පියක් රුපියල් 220 ක මුදලකට රට පුරා සිංහල බෙහෙත් වෙලදසැල්වල ඇතැයිද ඒ මහතා සදහන් කරයි. එම ඖෂධය ආ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වෙත පෙර ද පිරිනමා තිබේ.

Read More

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් සංශෝධනයට

dolor

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 2021 / 2022 තරග සමය සඳහා ක්‍රීඩකයන් 24 දෙනකු කොන්ත්‍රාත් ගත කර තිබේ. ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව මෙවර ක්‍රීඩක වැටුප් පසුගිය කොන්ත්‍රාත්තුවට වඩා 35%කින් පමණ අඩුකර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මෙවර ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඔවුන්ගේ දක්ෂතා පදනම් කරගත් ක්‍රමවේදයක් යටතේය. එහිදී මූලිකවම 2019 ජනවාරි 01 වැනිදා සිට 2021 ජනවාරි 31 වැනිදා දක්වා කාලය තුළ ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 යන තරග රටා තුනේදී ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇති බව සඳහන් වේ. ඇමෙරිකානු ඩොලර් 25,000 සිට ලක්ෂය දක්වා…

Read More

කඩාකප්පල් වූ කොවිඩ් එන්නත්කරණය

ennathkaranaya

කොවිඩ් එන්නත් ලොව සෑම රටකටම සමානව ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ඇරඹුණු “කොවැක්ස්” වැඩසටහනට එන්නත් මාත්‍රා මිලියන 140ක් අඩු බව වාර්තා වේ. එයට හේතුවී ඇත්තේ වර්තමානයේ ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත තත්ත්වය බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. “කොවැක්ස්” වැඩසටහනට එන්නත් සැපයීමට නියමිතව සිටි ඉන්දියාවේ සීරම් ආයතනය ඊට අදාළ දායකත්වය ලබාදීමට අසමත්වී තිබීම ඊට ප්‍රධාන හේතුව ලෙස දැක්වේ. ලොව ධනවත් රටවල ආත්මාර්ථකමීත්වය හේතුවෙන් ලොව බොහෝ රටවල් මේ වනවිට කොවිඩ් මර්දන එන්නත් සපයාගත නොහැකි තත්වයක් උද්ගතව ඇත.

Read More

2021 විශ්ව රූ රැජින ඇන්ඩ්‍රියා

viswa-ru-rajina

මෙවර විශ්ව රූ රැජින කිරුළ හිමි කරගැනීමට මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා සමත්ව තිබේ. ෆ්ලෝරීඩාහිදී පැවති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් දෙදෙනා අතරට තේරී පත්වීමට ඇන්ඩ්‍රියා මේසා සහ පේරු රාජ්‍ය යේ ජැනික් මැකෙටා සමත්වූවාය. ඔවුන් දෙදෙනා අතරින් 2021 විශ්ව රූ රැජින කිරුළ හිමි කරගැනීමට සමත් වුයේ 26 හැවිරිදි වියේ පසුවන මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා විසිනි.

Read More

ගෑස් සමාගම් පාරිභෝගිකයා රවටයි

litrogas

මෑතක දී වෙළදපොළට හඳුන්වා දුන් ලීටර් 18 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයේ රසායනික සංයුතිය වෙනස් කර වඩාත් කාර්යක්ෂම කර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමෙන් පවසන නමුත් පැරණි සිිලින්ඩරයේත් නව සිලින්ඩරයේත් ඇත්තේ එකම සංයුතියක් බව පාරිභෝගික සේවා අධිකාරිය කරවන ලද රසායනාගාර පරික්ෂාවකින් හෙළි වූ බව එම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි. කිලෝ ග්‍රෑ 12.5 ක බරින් යුතුව තිබු ගෑස් සිළින්ඩරයේ බියුටේන් සියයට 80 ක් ද ප්‍රොපේන් සියයට විස්සක් ද පැවැති බවත් ලීටර් 18 ක් ලෙසින් හඳුන්වා දුන් නව සිලින්ඩරයේ බියුටේන් සියයට පණහක් හා 60 ක් අතර ද ප්‍රොපේන් සියයට 40 හා 50…

Read More

අධි අවදානම් දිස්ත‍්‍රික්ක 08ක් නම් කරයි

corona-outbreak

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. දිනපතා කොවිඩ් ආසාදිතයින් සියයයට වඩා වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර, දිසස්ත්‍රික්කවලත් දෛනිකව ආසාදිතයින් 80ක් පමණ හමුවන රත්නපුර දිස්ත්‍රික්කයේත් මෙම අවදානම පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය. විශේෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් ඉදිරියේ දී අපේක්‍ෂා කරන බව වෛද්‍යවරයා කීවේය. අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි විහාරස්ථානයක වැඩ සිටි හිමි නමක් හදිසියේ අපවත්වීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ අපවත් වූ…

Read More

හැඳුනුම්පත් අංකය නොසලකා බැහැරට පැමිණි 141ක් අත්අඩංගුවට

id

ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන රීති නොසලකා හරිමින් කටයුතු කළ 223ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ. ඊයේ (17) හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කර සංචරණ සීමා කඩ කරමින් ගමන් කළ 141ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව නිරෝධායනය රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10,073ක් දක්වා ඉහළගොස් ඇත. ගෙවුණු දිනයේ (17) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,456 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 145,202ක් දක්වා ඉහළ ගියේ ය. ඒ අතරින් ආසාදිතයින් 23 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට…

Read More