කැලේ මැදගමේ ගමේ උක් පැණිවන් මතක

මේ කතාව පටන්ගන්නේ කොහොමද?.. උක් පැණි හරි මිහිරියි. ඒ වගේ මතකයක් ගැන ලියන්නයි මේ හදන්නේ. ජීවතේ අස්සේ අමතක වෙන්නේ නැති මතක කැබලි ගොන්නක්..ඒ ගොන්න අස්සේ මේ ගමට තියෙන ඉඩ ගොඩක් ලොකුයි. මේ මතක වනාන්තරය අස්සේ මේ ගම ගැන මතක ගොන්නත් ඔස්ට්‍රේලියාව වගේ කොදෙව්වක් කිව්වොත් ඒක හරි.. මේ ගමත් දුපතක්. සතා සත්තු ඉන්න මහා වනන්තරේ (උඩවලව රක්ෂිතයට අයිති) අස්සේ දුපතක්.  නම කිව්වොත් දැන් කුමාරතැන්න. ඉස්සර මේ කැලේ මැද සැවානා තැනි බිමේ ගොන් දිගේලි කරපු නිසා හරක්පට්ටිතැන්න. පස්සේ ඒ නම එච්චර හොද නැති හින්දා කුමාරතැන්න වෙනවා. කොහොම වුණත් හැම කාලෙම තුරුපත් කොළ…

Read More

පාස්කු ප්‍රහාර, නවාලි පල්ලියට බෝම්බ හෙළීම සහ වෙනත් අපරාධ සඳහා යුක්තිය

nawali

පසුගිය පෙබරවාරි 28 වන ඉරිදා තිබූ දිව්‍ය පූජාව අතරතුර, අපගේ පල්ලියේ (ශාන්ත ජෝශප් දේවස්ථානය, රත්මලාන) මීසම් භාර පියතුමා නිවේදනය කළේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සාධාරණය ඉල්ලා සිටීමට, කොළඹ අගරදගුරු පදවියේ (බස්නාහිර පළාතේ) සියලුම කතෝලිකයන් එලඹෙන මාර්තු 7 වන ඉරිදා පල්ලියට එන විට කළු පැහැයෙන් ඇඳගෙන එන ලෙසය. පාස්කු ප්‍රහාරය සිදුවී මේ වන විට ආසන්න වශයෙන් අවුරුදු දෙකක් ගත වී ඇත​. එම ප්‍රහාරයෙන් කටුවාපිටිය කතෝකලික පල්ලියේ 115 ක්, කොච්චිකඩේ කතෝලික පල්ලියේ 50 ක්, මඩකලපුව සියෝන් දේවස්ථානයේ 30 ක් සහ සංචාරක හෝටල් තුනක් ඇතුළුව තවත් ස්ථාන වල 66 දෙනෙකු පමණ ඝාතනය වී…

Read More

සංචරණ සීමා තවත් දීර්ඝ කරන්න ඉල්ලීමක්

lock

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා  රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ . එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරයි. කොරෝනා රෝගීන් 3000ක්  ඉක්මවා දෛනිකව වාර්තා වීම බරපතළ තත්ත්වයක් බවත් ,එහි යම් පාලනයක් සදහා සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත් ,සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත. සංචරණ සීමා ලබන විසි එක් වැනි දා දක්වා  දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ යෝජනා…

Read More

රාජ්‍ය ණය – ජපානය සහ ග්‍රීසිය අතර ඇති වෙනස සහ ශ්‍රී ලංකාවේ ස්ථාන ගත වීම

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට ලොව බලවත්ම ආර්ථිකය ජපානය යි. එමෙන්ම වර්ෂ 2020 සඳහා රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත හොත් ලෝකයේ ඉහළින්ම සිටින්නේ වෙනිසියුලාව වන  අතර දෙවනියට සිටින්නේ ජපානයයි. එම ප්‍රතිශතය 266% කි. තුන්වෙනුව සිටින්නේ සුඩානය වන අතර හතරවෙනුව  සිටින්නේ ග්‍රීසිය යි. එරටට  අදාල ප්‍රතිශතය 206% කි. ශ්‍රී ලංකාව 23 වන ස්ථානයේ සිටියි. අදාල ප්‍රතිශතය 101% කි. ජපානය ශ්‍රී ලංකාවටත්  සංවර්ධන ණය දෙන දියුණු රාජ්‍යයකි. ග්‍රීසියද සංවර්ධනය වූ රටකි. එහි එක පුද්ගල අදායම (රටේ සමස්ත නිෂ්පාදනය රටේ ජනගහනයෙන් බෙදු විට ලැබෙන අගය) ලෝක බැංකු වාර්තා…

Read More

බර්කිනා ෆාසෝ රාජ්‍යයට දරුණු ප්‍රහාරයක්

attack

ආයුධ සන්නද්ධ පිරිසක් විසින් උතුරු බුර්කිනා ෆාසෝ හි ගම්මානයකට එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් පුද්ගලයන් 132 කට වැඩි පිරිසක් ඝාතනය වී ඇතැයි වාර්තා වේ. එය මෑත ඉතිහාසයේ එරට සිදු වූ දරුණුතම ප්‍රහාරය බව රජය නිවේදනය කළේය. නිවාස සහ වෙළෙඳසල් රැසක් ගිනිබත් කර ඇත. එහෙත් එම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාර ගෙන නැත. ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාර බහුලව දකින්නට ලැබෙන බුර්කිනා ෆාසෝ හි දේශසීමා අසළ ප්‍රහාර එල්ලවීම සුලබව සිදුවෙයි. ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අන්තවාදයට එරෙහි සාමාජික රටවල්වලට දෙන සහයෝගය දෙගුණ කරන බව කීවේය. මෙවැනි…

Read More

චීනයේ අලුත් කොවිඩ් පොකුරක්

corona1

නව කොවිඩ් පොකුරක් පැතිර යමින් ඇති චීනයේ ග්වැන්ජෝ නගරයේ මහපරිමාණ කොවිඩ් පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඉකුත් මැයි 21 වනදා සිට නව කොවිඩ් පොකුරක් ව්‍යාප්ත වෙමින් ඇති චීනයේ දකුණුදිග ග්වැන්ජෝ නගරයේ කලාප 11 දීම මහපරිමාණයෙන් කොවිඩ් පරීක්ෂණ සිදු කෙරෙයි. නව පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 73 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අතරින් 12 දෙනෙකුම කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම විශේෂත්වයකි.

Read More

අයහපත් කාලගුණය 16කට මරු කැඳවයි

wasiapada

දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 16 ක් සිදුවී තවත් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. රත්නපුර, පුත්තලම, කෑගල්ල, ගම්පහ, කොළඹ, පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී ඇත. නායයාම්, නිවෙස් මතට පස් කඳු කඩා වැටීම් සහ ජලයේ ගිලීම හේතුවෙම් මෙම මරණ සිදුව ඇත. අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක පවුල් 67,564කට අයත් 2,70,912 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල ප්‍රදේශයේ ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් විපතට පත්ව සිටි තවත් කුඩා ළමුන්, කාන්තාවන් ඇතුළු…

Read More

කොවිඩ් මරණ 46ක් – ගර්භණී මව්වරුන්ට එන්නත බදාදා

gabinimaw

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 46දෙනෙකු මියගොස් තිබේ. එම මරණ මැයි මස 17 සිට ජුනි මස 05 දක්වා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි. ඒ අනුව මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1742ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටදී හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 204,278ක් දක්වා ඉහළගොස් ඇත. උදයජීව ඒකනායක දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණී මව්වරුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම මෙම බදාදා (09 වැනිදා) ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ…

Read More

නුවරඑළියේ ආසාදිතයන් 4996 දක්වා ඉහලට

gampaha-corona

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 234 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4996 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. පසු ගිය දිනවල ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂාවල වාර්ථා 06වන දින පෙරවරු 9.30ට පමන ලැබුන අවස්ථාවේ මෙම අලුත් ආසාදිතයන් හමුව ඇති බවත් මෙයින් වැඩිම ආසාදිතයන් ප්‍රමානයක් කොටගල, මස්කෙළිය, බගවන්තලාව, අඹගමුව, ලිදුල, වැනි සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලට අයතු වතු ආශ්‍රිත ප්‍රදේශවලින් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා පවසන ලදි. මෙම ආසාදිතයන් 4996 දෙනාගෙන් ආසාදිතයන් 3418 දෙනකුම සිංහල හිංදු අලුත් අවුරුද්දෙන් පසුව…

Read More