භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට අත නොතබනු

පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය රජයට දන්වා සිටියි. එසේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් නිසි පරිදි තොරතුරු සන්නිවේදනයේ යෙදෙන හා අදහස් පළ කරන සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හා මාධ්‍යවේදීන් දිරි ගැන්වෙන ලෙස කටයුතු කිරීමට වගකිව යුතු රජයක් ලෙස කටයුතු කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි. අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය මේ බව පවසා ඇත්තේ දිගින් දිගටම සිදුවන මාධ්‍ය මර්ධන ක්‍රියාවලිය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරමිනි. එම සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් කේ. සංජීව, ජයනි අබේසේකර හා නීතිඥ දුලාන් දසනායක  විසින්…

Read More

හොර පාරෙන් කාබනික පොහොර කන්ටේනර් තුනක්

kabanika-pohora

රසායනික පොහොර තහනම සම්බන්ධයෙන් වන සමාජ කතිකාව ඉතා තීරණාත්මක තත්වයකට පැමිණ ඇති අතර ඊයේ රැස්වූ පාර්ලිමේන්තුවේදීද ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අදහස් දැක්වූහ. මේ අතර සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍යය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියේ මේ වන විට පිට රටින් ආනයනය කළ කාබනික පොහොර අඩංගු කන්ටේනර් තුනක් කොළඹ තොටළඟ පිහිටා ඇති ග්‍රේ ලයින් 2 කන්ටේනර අංගනයේ අසුරා තිබෙන බවයි. රසායනික පොහොර තහනම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ මෙරට රසායනික පොහොර වල හිඟයක් නොමැති බවත් දැනටමත් රසායනික පොහොර…

Read More

එළවළු වැස්සක්

elawalu-thoga

මධ්‍යම රාත්‍රී 12.00 ට විවෘත කිරීමට තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවළු තොග විශාල වශයෙන් ලැබීමත් සමග පෙරේදා (07දා) රාත්‍රී 10.00ට විවෘත කොට ඒවා අලෙවි කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකසා දීමට පොලිසිය හා ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය පියවර ගත්තේය. දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන ඊයේ (08දා) සහ අද (09දා) විවෘත කර තැබීමට රජය අවසරය ලබාදී තිබිණි. එහෙත් 07 දින මධ්‍යම රාත්‍රියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට තීරණය කොට තිබිණි. රාත්‍රී 7.00 පසු වනවාත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවළු පුරවාගත් ලොරි රථ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ප්‍රධාන මාර්ග දෙපස දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය…

Read More

බලයක් නොමැති ලෝක සෞඛ්‍ය සංවිධානය

who

කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි, චීනයට බල කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහි හදිසි අවස්ථා පිළිබඳ වැඩසටහන් අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුණේ එවැනි බලයක් ලෝක සෞඛ්‍ය සංවිධානය සතුව නොමැති බවයි. එහෙත්, අදාළ පරීක්ෂණ සඳහා සියලු රටවල සහය අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේ ය. කොරෝනා වෛරසය වූහාන්හි විද්‍යාගරයකින් සමාජගත කළ බවට සහ එය වවුලන්ගෙන් ව්‍යාප්ත වූ බවට මේ වන විට මත දෙකක් පවතී. ඒ පිළිබඳ විමර්ශනයට චීනය බලා පිටත්ව ගිය විමර්ශන කණ්ඩායම සඳහන් කළේ, නිවැරදි දත්ත ලබාගැනීමට නොහැකි වූ බවයි.

Read More

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළට

death

අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයට අනුව විවිධ අනතුරු හේතුවෙන් දෙනෙකු තුවාල ලබා ඇතැයි පුද්ගලයින් සංඛ්‍යාව 5කි. මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 172,132 ක් තවදුටත් පීඩාවට පත්ව සිටිති. බරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල , මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…

Read More

නිවෙස් ඉදිරියේ “සොහොන් මල්” පිපීම කොරෝනා මරණ පිළිබඳ පෙර නිමිත්තක්ද?

sohon-mal

සොහොන් පිටිවල සරුවට වැඩෙන මල් පඳුරක් ගණේමුල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිවන නිවසක් ඉදිරියේ හිටි හැටියේ ඉබේටම පැලවී මල් පීදෙන්නට පටන්ගැනීම ගෙහිමියන්ගේත් සමීප ඥාති හිතමිත්‍රාදීන්ගේත් දැඩි අවධානයට ලක්ව තිබිණ. ඒ එම මල් පිපී දින කිහිපයකට පසු එම ඉඩමේ තිබූ සෙසු නිවාස තුනෙන් දෙකක සය දෙනෙකුම කොවිඩ් ආසාදනයකට ලක් වීම නිසා ය. ඒ අනුව ඔවුන් වහා ප්‍රතිකාර සඳහා යොමු කරන ලදී. සොහොන් මල් නැතහොත් මූසල මල් වශයෙන් හැඳින්වෙන එම ශාක විශේෂය නිවසක් ඉදිරියේ ඉබේටම වැවෙන්නට පටන්ගැනීම සොහොන් ළකුණු පහළ වීමක් හෙවත් මරණයක පෙරනිමිත්තක් බැවින් එම රෝගීන් එම මාරාන්තික උවදුරින් මුදා ගනු පිණිස එම…

Read More

ගස්, ගල්, කදු උඩ ඔන්ලයින්

online

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපන කටයුතු සඳහා ගස්, ගල්, කදු උඩ නගින්නට සිදුව ඇතැයි,” ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ, ප්‍රවීණ මාධ්‍යවෙිදි ශ්‍රීපාල් වන්නි ආරච්චි මහතා කීවේය. කොරෝනා වසංගතයෙන් අවුරුදු එකහමාරක් තිස්සේ අඩාලවී ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රිපාල් වන්නි අාරච්චි මහතා මෙි බව කීවෙිය. ” අපේ ⁣රටේ කාලෙන් කාලෙට බලයට පත්වන ආණ්ඩු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ගේනවා කිව්වත් බලය ගත්ත පසුව එහෙම දෙයක් කරල නැහැ. අපට එවැනි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැති කමෙි ප්‍රතිවිපාක අත් විඳිමට සිදුව අෑත්තේ මේ රටේ අහිංසක දරුවන්ටයි. කොවිඩ් වසංගතය නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපන…

Read More