ජමීල්  අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න

pasku-paharaya

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට  සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා බැලූ ජනාධිපති කොමිසමෙහි සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කර නැත. දැන ගන්නට ඇති අන්දමට කාර්දිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවට ලබා දී ඇත්තේ පිටු 500ක පළමු පරිච්ඡේදය පමණි.  පාර්ලිමේන්තු පුස්තකාලයට ඊට වඩා දීර්ඝ වාර්තාවක් ලබා දී ඇතත් එය ද සම්පූර්ණ වාර්තාව නොවේ. වාර්තාව ලියන ලද්දේ ඉංග්‍රීසි බසිනි. එනමුත් කතෝලික සභාවට ලබා දී ඇත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයන් විසින්…

Read More

ලක්බිම ‘අම්බලන්ගොඩයා’ දිවිසැරිය නිම කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා  අභාවප්‍රාප්ත විය.අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 78කි. 1943 ජුනි 19 වැනි දින උපත ලැබු බුද්ධික කුරුකුලරත්න මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකි.1989 මහ මැවරණයෙන් ඒ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණේය. කලක් කැපිටල් මහරාජා සංවිධානයේ සේවය කළ ඒ මහතා නීතිඥවරයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ද වේ.මෙරට ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය පුවත්පත් ගණනාවක සේවය කළ කුරුකුලරත්න මහතා සිංහල හා ඉංග්‍රීසි ග්‍රන්ථ කිහිපයක්ම රචනා කළ කතුවරයෙකි. ඉරිදා ලක්බිම පුවත්පතට ‘අම්බලන්ගොඩයා’ නමින් ඔහු සම්පාදනය කළ තීරු ලිපි පෙළ පාඨකයින් අතර බොහෝ ජනප්‍රිය විය.බුද්ධික කුරුකුලරත්න මහතාගේ…

Read More

පාරිභෝගික අධිකාරිය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි

ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ නොදමන්නැයි ජීවන වියදම් කමිටුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී තිබේ. වෙළෙඳ අමාත්‍ය, අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව රැස්වූ අවස්ථාවේදි එම තීරණය ගත් බවයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළ නැංවීමට අවසර දෙන්නැයි, පාරිභෝගික කටයුතු අධිකාරිය එහිදී ඉල්ලීමක් කර තිබිණ. එහෙත්, මෙම දුෂ්කර අවස්ථාවේ භාණ්ඩවල මිල ගණන් වැඩි නොකර, විකල්ප සඳහා යොමු වන්නැයි, පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දුන් බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

Read More

ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය

newzelandocland

ලෝක ප‍්‍රකට සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව අයත් ‘ඉකොනොමිස්ට්’ ව්‍යාපාර සමූහයේ ‘ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට්’ (EIU) හරහා වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණයේ වාර්තා අනුව නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරය, ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර අතර ප්‍රමුඛස්ථානයට පත්වී ඇත. ලැයිස්තුවේ දෙවන ස්ථානය ජපානයේ ඔසාකා නගරයටත් තෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයටත් හිමිව තිබේ. මීට අමතරව නවසීලන්තයේ වෙලිංටන් අගනුවර, ජපානයේ ටෝකියෝ අගනුවර සහ ඕස්ට්‍රේලියාවේ පර්ත්,  මෙල්බර්න්, බ්‍රිස්බේන් යන නගර ජීවත්වීමට වඩා සුදුසු නගර දර්ශකයේ මුල් ස්ථාන දහය අතරට පැමිණ ඇත. ස්විස්ටර්ලන්තයේ සුරිච්, ජිනීවා මෙම ලයිස්තුවේ හත, අට ස්ථාන හිමිකරගෙන තිබේ. මෙම ලැයිස්තුව සැකසීමේදී ස්ථාවරත්වය, සෞඛ්‍ය සේවා,…

Read More

රසායනික පොහොර තහනම විප්ලවයක් වන්නේ කෙසේද?

කාබනික පොහොර භාවිතය බැනුම් අහගෙන ගුටිකාගෙන හෝ කළ යුතු බව ජනාධිපතිවරයා පවසා තිබේ. කාබනික පොහොර භාවිතය කෙසේ වෙතත්, මේ බැනුම් අහගෙන ගුටිකාගෙන හෝ කළ යුත්ත කිරීම නම් අගය කළ යුතුය. ජනාධිපතිවරයාට එය මතක් වී තිබෙන්නේ කරගන්නට දෙයක් නොමැතිව පස්ස බිම ඇනුණ විටමුත් එසේ හෝ එම අවබෝධය ලැබීම වැදගත් වේ. ලංකාවේ ගොවීන්ට දෙන පොහොර සහනාධාරය ඉවත් කරන්නේ වෙන මොකක්වත් නිසා නොව, රජයට එය දරාගන්නට බැරි නිසාය. එය ඒ විදියට නොකර, රජය කරන්නේ රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමයි. එසේ කරන්නේ තමන් මෙය කරන්නේ ආහාරවලට, පසට වස විෂ එකතුවීම වළක්වාගැනීමේ සත් චේතනාවෙන්…

Read More

අයිම් සිංහල බට් සොරි මයි සිංහල ලැංවිජ් ඉස් පුවර්

sinhalalanga

සිංහල භාෂාව ඇත්තෙන්ම මාරයි. ඒහ හරි සුන්දර, පොහොසත් භාෂාවක්. ඒ විතරක් නෙමෙයි ඒක අපේ උරුමය. අපේ සංස්කෘතිය පදනම් වෙන්නෙ සිංහල භාෂාව මත. ඒක අපි රැකගන්න ඕනැ. ඒකට ප්‍රාථමික පාසල් අධ්‍යාපනය මව්බස වෙන්න ඕනැ. මව්බසක් කියන්නෙ නිකම් ගෙදර කතා කරන භාෂාවක් නෙමෙයි. ගෙදර ඉංග්‍රීසියෙන් කතාකරන ලාංකික සිංහලයන්ට මව්බසක් නැහැ. ඔවුන් කතාකරන ඉංග්‍රීසි සිංහල හා දෙමළ භාෂාවන් හා සංස්කෘතික ලක්ෂණ මිශ්‍ර වීමෙන් හැදුණු එකක්. ඒක ඔය හිතන තරම් ‘උසස්’ ඉංග්‍රීසියක් නෙමෙයි. ඇත්තම කියනවා නම්, භාෂාවන්ගෙ වගේම ඩයලෙක්ට් හෙවත් ව්‍යවහාර විධිවලත් එහෙම උසස්කමක්, පහත්කමක් නැහැ. ජාත්‍යන්තර භාෂා පහක් අතරින් ඉංග්‍රීසි විතරක් අපට මාර…

Read More

දිවයිනේ නිරිත දිග කොටසට අදත් වැසි

Climate change

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 30ත් 40ත් වන අතර විටින් විට පැයට කිලෝ මීටර් 50 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශය විටින් විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික…

Read More