කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු පිරේ

national-hospital-colombo

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාවය ද අවසන් වි ඇතැයි වාර්තා වේ. කොරෝනා ආසාදිතයන් රෝගීන් 250 දෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පැවැසේ. ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ(26)  වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. මහර කොට්ඨාසයෙන් – 67ක්, වත්තල – 65 ක්, මීරිගම සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් – 57 දෙනෙකු බැගින්, අත්තනගල්ල – 50ක්, බියගම – 49ක්, දොම්පෙ – 48 ක්, කැලණිය – 37ක්, ජාඇල…

Read More

තද සුළං සහ තද වැසි

weather satellite view

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (27) දිනයේත් වැසි සහ සුළං සහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40,50 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක ගාල්ල සිට හම්බන්තොට හරහා…

Read More

යලි කළු ජූලියක් ඇතිනොවීමට වගබලා ගැනීම සැබෑ දේශප්‍රේමීන්ගේ වගකීමක්

jayani

”මේ ගෙවෙන ජුලිය ඉතිහාසයේ ලියැවිලා තියෙන්නේ ලේ වලින් කලු පැල්ලම් වලින්. නැවත එවැනි මෙහොතක් ඉතිහාසයට එක් නොකිරීම වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෝ පෙළගැසෙනු ඇතැයි ” මාධ්‍යවේදිනී ජයනි අබේසේකර පවසයි. ”ඒ නිසා මේ රටේ දහස් ගණනක් උතුරේත් දකුණේත් නැගෙනහිරත් වින්දත ප්‍රජාව විසින් ඉල්ලා සිටින යුක්තිය තහවුරු කර ගැනීම පිළිබඳ කාරණය වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෝ හැටියට අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.” යයි ද ඇය කියා සිටියි. සමාජ ක්‍රියාකාරිනියක වන ජයනි, එම කාරණය සඳහන් කර සිටියේ, කොළඹ ඩාලි පාරේ ‘ෆ්‍රීඩම් හබ්’ (Freedom Hub) හි) පැවති ‘සැබෑ දේශප්‍රේමියෝ’ මාධ්‍ය හමුව අමතමිනි. යුද සමයෙත් යුද්ධයෙන් අනතුරුවත් සිදුව ඇති…

Read More

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද?

thilak

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘ප්‍රඥා පාරමිතා’ සාහිත්‍ය වැඩසටහන් මාලාව නිමිතිකොට 2001 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ‘බුදු දහම සහ මිථ්‍යා මත’ යන මැයෙන් සංවාදාත්මක දේශන මාලාවක් සංවිධානය කොට තිබිණි. එහි එක් දේශනයක් සඳහා මටද ඇරයුම් ලැබී තිබූ අතර, සම්මන්ත්‍රණයේ මාතෘකාව වූයේ ‘බුදු දහම සහ රෝග සුවය’ යන්න ය. ඒ සඳහා මා හැරුණුකොට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෛනක්ද ඇරයුම් ලැබ සිටියහ. ඉන් එක් අයෙකු වූයේ බටහිර මනෝ වෛද්‍ය විද්‍යාව සේම බුදු දහම පිළිබඳවද ගැඹුරු අධ්‍යයනයක් කොට තිබූ දිවංගත විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍රයන්ය. ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ ‘ජාතක කතා…

Read More

කොළඹ 30%ක් ඩෙල්ටා

delta coronavirus variant

දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් සිටියහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය. ඩෙල්ටා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් 30% ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි යැයි ද ඔහු පැවසීය. මෙම තත්ත්වය මත ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙසම පිලිපැදිය යුතුව ඇතැයිද ඔහු අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී. එමෙන්ම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්ද දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 5 දෙනෙකු පමණ වාර්තා වන බව එම රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශකළේය. මේ අතර චීන පරිත්‍යාගයක්…

Read More

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සාර්ථකයි

keheliya

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා සමඟ පැවති සාකච්ඡා සාර්ථක මට්ටමක පැවති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් ලබන සදුදා දින කැබිනට් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාව සාර්ථක මට්ටමට පත් වුණු බව අමාත්‍ය ජී එල් පීරිස් මහතා තමන් සමඟ ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා කීවේය. හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ වැරැල්ලගම නව ශාඛාව විවෘත කිරීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරිණ. නිදහස් අධ්‍යාපනය කිසිවකුටත්…

Read More

COVID-19 සම්භවය අධ්‍යයනය කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධාන සැලැස්ම, චීනය ප්‍රතික්ෂේප කරයි

china

කොරොනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දෙවන අදියර සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සැලැස්මක් චීනය පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රතික්ෂේප කළේය. එයට හේතුව වන්නේ චීන රසායනාගාර නිසි ක්‍රමවේද (ප්‍රොටෝකෝල) උල්ලංඝනය කිරීම නිසා පර්යේෂණ අතරතුරදී වෛරසය කාන්දු වීමට හේතු වී ඇතැයි යන උපකල්පනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැලැස්ම තුළ ලැයිස්තුගත කර තිබීමයි. වසංගතය වුහාන්හි ආරම්භ වූ බවට වන චෝදනාව මග හැරීමට චීනය නිතරම උත්සාහ කර ඇත. පෞද්ගලිකත්වය නිසා සමහර දත්ත සම්පුර්ණයෙන්ම බෙදාගත නොහැකි බව මෙහි දී චීනයේ ස්ථාවරය වී තිබේ.  එරට අවධාරණය කර ඇත්තේ “ COVID-19 වෛරසයේ මූලාරම්භය විද්‍යාත්මක කාරණයක් ලෙස සැබවින්ම සලකනු…

Read More

නිහඬ සංස්කෘතියේ නවකතාව හොදම මාධ්‍යයක් වෙයි

nawakathawa

නූතන තාක්ෂණික උපාංග නිසා ජනතාව නිහඬ මිනිසුන් වී ඇති බවත් නිර්මාණය වෙමින් තිබෙන්නේ නිහඬ සංස්කෘතියක් බවත් එය වෙනස් කළ හැක්කේ කලා නිර් මාණවලින් බවත් නවකතාව ඊට හොදම මාධ්‍යක් බවත් පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර් මසිරි මහතා පවසයි. මහ දිසාපතිවරයා මේ බව පැවසුවේ පොලොන්නරුවේ නූතන පරපුරේ කලා සලකුණ  වන ප්‍රවීන නාට්‍යවේදී ඩී.කේ.ආටිගලගේ කුළුදුල් ඓතිහාසික නවකතාව ‘කාල’ දොරට වැඩීමේ උළෙලට සහභාගී වෙමින් ඊයේ (26) පොලොන්නරුව චන්ද්‍ර මණ්ඩපයේ දීය. ළමානාට්‍ය, යොවුන් නාට්‍ය ,කතාන්දර ඇතුළු කඩවර නම් වේදිකා නට්‍ය‍යක් ද එයම කාල නමින් ටෙලි නාට්‍ය‍යක් ලෙස ද කාල නමින් සිනමා පටයක් ද රචනා කළ ඩී.කේ.…

Read More

චූන් පාන් සහ සතිපොළ ඉවරයි

කොවිඩ් වසංගතයත්  සමග බිහිවු අළුත් වෙළද සංස්කෘතිය හේතුවෙන්  පලාත්පාලන ආයතවල ආදායම් මාර්ග රැසක අහිමිව  ඇතැයි පලාත් පාලන ආයතන නියෝජිතයින් කියති. කළුතර දිස්ත්‍රික්කය ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල පලාත්පාලන ආයතනවල ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ  සතිපොළ බදු ආදායමය. නමුත් කොවිඩ් වසංගතයත් සමග  සතිපොළ වැසිගොස් ජංගම වෙළද රථ නිරිමාණය විමෙන් සතිපොළ ආදායම අහිමිවන තත්වයක් උදාවි ඇතැයි පලාත් පාලන ආයතන ප්‍රධානින් කියති. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා රැසක ප්‍රධාන ආදායම් මාර්ගය සතිපොළ බදු බව ප්‍රාදේශිය සභා සභාපතිවරුන් කියති.මේ වන විට කොවිඩ් අවදානම ලිහිල් කර සතිපොළ ආරම්භ කලත් සති පොළ බොහෝමයක  ප්‍රමාණවත් වෙළදාමක් නැතැයි වෙළෙදුන්…

Read More