හිටපු මන්ත්‍රිවරයකු කොවිඩ් ආසාදිතව මරුට

death

හැටන් දික්ඔය නගර සභාවේ හිටපු මන්ත්‍රිවරයකුවු එම්. මුහාර්ජින් මහතා කොවිඩ් ආසාදනය විමෙන් මිය ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි මෙ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මුහාර්ජින් මහතාට කොවිඩ් ආසාදනය විමෙන් ඔහු තෙල්දෙනිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇති බවත්ය. කොවිඩ් ආසාදනයෙන් මිය ගිය මුහාර්ජින් මහතාගේ අවසන් කටයුතු කොවිඩ් මරණ රෙගුලාසි යටතේ සිදු කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Read More

ඉෂාලිනිගේ සිද්ධියට අදාල වැරදිකරුවන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙසට උද්ගෝෂණ

kadurata

හිටපු ඇමති වත්මන් පාර්ලීමේන්තු මංත්‍රි රිෂාඩ් බදුන්දින් මහතාගේ නිවසේදි පිලිස්සි මිය ගිය මෙහෙකාර දැරියගේ මරණය සම්බන්දයෙන් පරික්ෂන කඩිනම් කර අදාල වැරදිකරුවන්ට දැඩි දඩුවම් පමුනුවන ලෙසට කාන්තාවන් පිරිසක් 29වන දින හැටන් නගරයේදි උද්ගෝෂනයක් පවත්වන ලදි. කදුරට ජනතා ඉඩම් අයිතිය සදහාවු ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් මෙම උද්ගෝෂනය සංවිධානය කර තිබුනි. මෙහිදි මෙම උද්ගෝෂකයන් පවසන්නේ ඩයගම පදිංචි ඉෂාලිනි ජුඩ් කුමාර් නැමති දැරිය රිෂාඩ් බදුන්දින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි ගිනි ඇවිලිමෙන් මිය ගොස් ඇති බවත් එම දැරිය විවිධ අප්‍රයෝජනයන්ට ලක්ව ඇති බවට වෛද්‍ය වාර්ථාවලින් හෙලිව ඇති බවත්ය. එමෙන්ම මෙම දැරිය එම නිවසේ…

Read More

වළල්ලාවිට “පන්තොට” පන අදියි

කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට “පන්තොට” ගමට නම පටබැදි ඇත්තේ  පන් කර්මාන්තය නිසාය. දශක කිපයකට ඉහත  විදෙස්  වෙළදපලට පවා ගිය පන්තොට පන්   කර්මාන්තයේ “පණ” ගොසින් බොහෝ කල්ය. මලු , පැදුරු, මාගල්,  වලට අමතර දේශීය  මෙන්ම විදේශිය සංචාරකයින්ගේ සිත් විසිතුරු පන් නිර්මාණ රැසක්  පන්තොට ලලනාවන්ගේ දෑතින් නිර්මාණය විය. කාලයාගේ ඇවෑමෙන් පන් පැදුර, පන් මල්ල කුණු මුල්ලට යනවිට පන්තොට පන් කර්මාන්තයේද “පණ” ගියා,” යැයි වළල්ලාවිට, ඉත්තෑපාන පන්තොට ජනතාව කියති. වර්තමාන රජය  වේවැල්, පිත්තල, මැටි, ලී බඩු,  සහ ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශයක් ආරම්භකර මෙරට මියදෙන දේශිය කර්මාන්ත වලට පණ දෙන්නට උත්සාහ කරමින් තිබේ. “අපේ පන්තොට…

Read More

පුද පුජා කර නිධන් හෑරිමට ගොස් වැඩ වරදී

arest

නිධානයක් ගැනීමට අගලවත්ත , දාපිළිගොඩ ප්‍රදේශයේ නිවසක් පිටුපස ගල්තලාවක ඊයේ (28 ) රාත්‍රි  පුද පුජා කරමින් කැණිම් කරමින්  සිටි පුද්ගලයින්  ත‍ිදෙනෙකු නිධන් හෑරිමට යොදාගත්  උපකරණද සමග  අත් අඩංගුවට ගත්බව අගලවත්ත පොලිසිය කියයි. පුද්ගලයින් පිරිසක් රහසිගතව රාත්‍රි කාලයේ නිධානයක් ගැනිමට සුදානම් වන බවට පොලිසියට ලද තොරතුරක් මත වැටලිම සිදු කර ඇත. අගලවත්ත, දාපිළිගොඩ පදිංචි 70 හැවිරිදි අයෙකු, පානදුර අළුබෝමුල්ල පදිංචි ( 47) අයෙකු හා පානදුර වෑකඩ පදිංචි (58 ) අයෙකු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. නිධානය ගැනිමට  පුද පුජාකළ මල් බුලත් තටුවක්,ගිල්ටි යන්ත්‍රයක්, ගලි විදින කටුවක්,මිටියක්, මන්ත්‍ර පොත්  කිපයක්ද පොලිසිය අත්…

Read More

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් මෙරටට

corona-sinopharm

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 04 ක් ලබන සතියේ දී මෙරටට රැගෙන එන බව චීන තනාපති කාර්යාලය පවසයි. තනාපති කාර්යාලය සඳහන් කළේ, එම එන්නත් මෙරටින් ඇනවුම් කරන ලද ඒවා බවයි. පෙරේදා දිනයේ ද එන්නත් මිලියන 2.7 ක් මෙරටට රැගෙන විත් තිබේ.

Read More

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවයි

corona

මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබේ. ඊයේ දිනයේ අලුතින් ආසාදිතයින් 1,380ක් වාර්තා වූ අතර ඒ සමග සමස්ත ආසාදිතයින් ගණන තුන්ලක්ෂ එක්දහස් දෙසිය හැත්තෑ දෙකක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේ සුවය ලැබූ ආසාදිතයින් ගණන 1,499 කි.

Read More

ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක් සෙනසුරාදා මෙරටට

astrazeneca vaccine side effects, astrazeneca vaccine efficacy, astrazeneca vaccine canada, astrazeneca vaccine news, astrazeneca vaccine usa, astrazeneca vaccine update

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ විසි අටදහස් හාර සිය හැටක් ලබන 31 වැනිදා සෙනසුරාදා දිවයිනට රැගෙන එන බව සෞඛ්‍ය මැතිනි ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. මේ එන්නත් ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලෙස ලබාගත් ලක්ෂ හයකට ආසන්න පිරිසකගේ දෙවැනි මාත්‍රාව සඳහා පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය.

Read More

T20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට

slin-win

ඉන්දීය – ශ්‍රී ලංකා දෙවැනි  විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම ට හිමිවිය. ඒ කඩුලු 4කිනි. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 132ක් රැස්කළේය. ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 133 පන්දු ඕවර 19.4දී කඩුලු 6ක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 40යි.

Read More