සිරකරුවන්ද මනුෂ්‍යයන්ය යන වදන ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බව අධිකරණ ඇමතිද පිළිගනියි.

welikada

විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන්වී සිර දඩුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ  දින (23) පෙරවරුවේ සහභාගී විය. මෙහිදී  අමාත්‍යතවරයා උපවාසයේ යෙදී සිටින සිරකරුවන් සමඟ  සාකච්ඡාවක නිරත වු අතර එහිදී සිරකරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් සිරකරුවන්ට මේ වන විට පවතින ගැටලු පිළිබඳව අදහස් දැක්විණි. එම සිරකරුවන් විශේෂයෙන්ම සඳහන් කලේ අභියාචනාවන් ඉදිරිපත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව, යහපත් කල්ක්‍රියාවෙන් යුතුව සිරදඩුවම් විඳින සිරකරුවන් සඳහා දඬුවම් අඩුකරගැනීම, පුනරුත්ථාපන ක්‍රමවේදය නිසිලෙස ක්‍රියාත්මක කිරීම…

Read More

තලේබාන් සංවිධානය කාන්තාවන් සඳහා වූ අමාත්‍යාංශය ඉවත් කරයි

thaleiban

ඇෆ්ගනිස්ථානයේ නව තලේබාන් පාලකයින් විසින්, මින් පෙර කාන්තා කටයුතු අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ “ගුණවත්කම ප්‍රචාරය කිරීම සහ නරක වැළැක්වීම” සඳහා වූ අමාත්‍යාංශයක් පිහිටුවන ලදී. තලේබාන් නායකයින් කාබුල් අගනුවර අල්ලාගෙන මාසයක් ගතව තිබියදී, ඔවුන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සීමා කරන බවට නවතම ඉඟිය එයයි. 1990 දශකයේ ඔවුන්ගේ පළමු පාලන කාලය තුළ ඔවුන් ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කර ඇති අතර පොදු ජීවිතය තහනම් කළහ. නැගෙනහිර පළාතේ ජලලාබාද් අගනුවර සෙනසුරාදා තලෙයිබාන් වාහන ඉලක්ක කරගත් පිපිරීම් තුනක් සිදු වූ අතර පුද්ගලයින් තිදෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලැබූ බව සාක්ෂිකරුවන් පැවසීය. වහාම වගකීම…

Read More

ඇළහැර ප්‍රාදේශිය සභාපතිට විරෝධයක්!

elahera

ඇළ හර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්තනෝමතික ලෙස බකමූණ නගරයේ වත්මන් බස් නැවතුම්පළ වෙනත් ස්ථානයකට ගෙන යාමට ගෙන ඇති තීරණයට විරෝධය පා බකමූණ නගරයේ වෙළඳ සංගමය හා බකමූණ සුරැකීමේ සංවිධානය එක්ව නගරය පුරා කලු කොඩි ඔසවා ඇළහැර ප්‍රාදේශීය සභාව වෙත විරෝධතා පාගමනකින් ගොස් සිය විරෝධය දැක්වීමට ඊයේ (23) දහවල් කටයුතු කළ හ. බකමූණ නගරයේ වෙළඳ ප්‍රජාව සිය වෙළද සැල් ඉදිරිපිට හා නගර මධ්‍ය‍යේ කළු කොඩි එසවීමෙන් අනතුරුව විරෝධතා පා ගමනින් ප්‍රාදේශීය සභාව අසලට පැමිණ ඇළ හැර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ රුව රැගත් පඹයෙකු ගිනි තබා විනාශ කරමින් සිය විරෝධය පළ කළ හ.…

Read More

අලි ගම්වැදීම නවතන්න හොදම විසදුම අලි සුරතලේට හැදීමයි

වන අලින් ගම්වැදීමට ඇති හොඳම විසඳුම අලි පැටවුන් සුරතලයට හැදීම හෝ වෙහෙර විහාරස්ථානවල දේවාලවල ඇති දැඩි කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා සඳහන් කරයි. ඒ සඳහා මුල්‍යමය හැකියාවක් ඇති අයට අලි ලබාගැනීමේ හැකියාවක් තිබිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි. මෙරට ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ ඒ දේ යයිද මන්ත‍්‍රීවරා පැවසීය. අලින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇතිවූ ප්‍රශ්නයකදී විවාදාත්මක අවස්ථාවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

Read More

සියළු ප‍්‍රතිශක්තින් ඉක්මවයි. නව කොරෝනා ප්‍රභේදයක්

corona

කොරොනා ප්‍රතිදේහ වලින් පාලනය කිරීමට අපහසු නව කොරෝනා ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලොව සෞඛ්‍ය අංශ වල දැඩි අවධානය යොමුවී තිබේ. ජපානයෙන් මුලින්ම හඳුනා ගෙන ඇති එම වෛරස් ප්‍රභේදය R.1 ලෙස හඳුන්වා ඇත. ඇමරිකාවෙන් ද එම ප්‍රභේදය ආසාදිතයන් 45 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ. විද්‍යාඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය ව්‍යාප්තවීම, ගුණනය වීම සහ ප්‍රතිශක්තිකරණය ඉක්මවා යාම කැපී පෙනෙන විකෘතීන් බවයි. එම තත්වයන් මත මෙම ප්‍රභේදය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කර තිබේ.

Read More

අඩුවෙන්ම පාර්ලිමේන්තුවට දායකත්වය දීලා තියෙන්නේ ආණ්ඩු පක්ෂය?

manthri

නම වැනි  පාර්ලිමේන්තුවේ පළමු වසර තුළ අඩුම දායකත්වයක් ලබා දී තිබෙන ජනතා නියෝජිතයන් දස දෙනාගෙන් හරි අඩක්ම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයේ බව හෙළි වී තිබේ. 2021 අගෝස්තු මාසයට වසරක් සපිරෙන 9 වැනි පාර්ලිමේන්තුවේ අඩුම දායකත්වයක් ලා දී තිබෙන  ජනතා නියෝජිතයන් 10  දෙනා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් හෙළි කර ඇත. එම දසදෙනා  දෙනා අතුරින් පස්   දෙනෙක් පාර්ලිමේතුවේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනතා නියෝජිතයෝ බව වෙරිටේ පර්යේෂණ ආයතනය විසින් පවත්වාගෙන යන manthri.lk පවසයි. මන්ත්‍රීවරුන් දෙදෙනෙක්   පාර්ලිමේතුවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ ජනතා නියෝජිතයන්ය. අනෙක් තිදෙනා මුස්ලිම්…

Read More